
(සුජිත් හේවාජුලිගේ)
ඔක්සිජන් මත යැපෙන සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සැළකියුතු ලෙස ඉහළ නැග ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
මේ අනුව ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සියයට 12 කින් සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව සියයට 3 කින් ඉහළ නැග ඇත.
කොවිඩ් මරණ සංඛ්‍යාවද සියයට 17 කින් පමණ ඉහළ නැඟ ඇතැයි ඔහු සඳහන් කළේය.
කොවිඩ් මරණ දිනකට තිහක් පමණ වාර්තා වන බව පැවසූ හම්දානි මහතා එසේ මිය යන පිරිසෙන් සියයට 60ත් 65ත් අතර සංඛ්‍යාවක් බූස්ටර් එන්නත ලබා නොගත් බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ගර්භණි මව්වරුන්ට ආසාදනය වෙලා තියනවා. විශේෂයෙන් හෙද නිලධාරිනියන්. විශේෂ නිවාඩු දීලා තිබුනු එවා අහෝසි කලා. මේ නිසා වැඩ කරන ස්තාන වලින් ගොඩක් covid ආසාදනය වෙලා. අම්මලාට බබාලා ගබ්සා වෙලා. එක එක අතුරු ආබාධ අවිල්ලා. බබාගෙ වර්ධනයත් අඩු වෙලා covid වලින් පස්සේ. මම හෙදියක් පුදුම අවදානමක් අරන් දරුවත් කුසේ තියාගෙන වැඩට යන්නෙ ජීවත් වෙන්න වෙන විදිහක් නැති නිසා. නැවතත් අවදානම ඉවර වෙනකල් හරි අයේ නිවාඩු දෙනවා නම් ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්. නැත්තන් රස්සාව අත් හරින්නයි වෙන්නෙ.