(අංජුල මහික වීරරත්න)

කිව්.ආර් ක්‍රමයට ලියාපදිංචි වීමේදී යම් ගැටළුවක් තිබේ නම් එය නිරාකරණය කර ගැනීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැන නගින ඕනෑම ගැටලුවක් හෝ අමතර තොරතුරු 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ රජයේ තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් දැන ගැනීමට හැකි බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවම කර ගැනීමටත්, කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමටත් උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය රථවාහන හිමියන්ගෙන් ඉල්ලා සිටී.