
කැලිෆෝනියාවට ඇද හැළුණු තද සුළං, වැසි නිසා ලොස් ඇන්ජලීස් අසල හදිසි ගංවතුරක් සහ සියෙරා නෙවාඩා හි හිම කුණාටු ඇතිවීමේ අවදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය අසල සිකුරාදා රළ අඩි 25 ක් දක්වා ඉහළ යා හැකි බවත්, දකුණු කැලිෆෝනියාවේ සමහර ප්‍රදේශ ගංවතුර අවදානමට ලක්ව ඇති බවත් වාර්තා විය,
ටහෝ විල ප්‍රදේශයට හිම කුණාටු ඇතිවිය හැකි බවත් නිලධාරීන් අනතුරු ඇඟවීය.
ලොස් ඇන්ජලීස් සිට සැතපුම් 80 ක් පමණ ඊසාන දෙසින් පිහිටි රයිට්වුඩ් කඳුකර නගරයේ මඩ නායයෑම් හේතුවෙන් පදිංචිකරුවන්ට ඉවත් වීමට සූදානම් වන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
මරණ දෙකක් වාර්තා වි අති අතර Find Energy ට අනුව, නිවාස සහ ව්‍යාපාර 70,000 ක් පමණ එක රැයකින් විදුලිය විසන්ධි විය.
වසර 54 කට පසු ලොස් ඇන්ජලීස් නගරයට වැඩිම වැසි සහිත නත්තල් සමය ගෙන ආ බව ජාතික කාලගුණ සේවය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර ගංවතුර එන්න එහේ ජලාශවල සහ ගංගාවල ජලය කලින් ඉවත් කරලා නැද්ද? බලාගෙන ගියාම අපේ වගේම පාලකයොනේ එහෙත් ඉන්නේ...
ට්‍රම්ප් ගොයියා වහාම නයි නාලිකාවේ 360ට ගෙන්වනු...
මේක වළක්වා ගන්න බැරි වුණාද?
බැලින්නම් ට්‍රම්ප්ටත් අත්දැකීම් නෑ නොවැ. වහාම පාර්ලිමේන්තුව කැඳවලා විවාදයක් ලෑස්ති කරනු...
සජීත් පේමදාස පොතත් අරං යනවාලු ඒහේ 25000 හම්බ වෙච්චි නැති අය හොයලා පාර්ලිමේන්තුවේ හඩක් නගන්න..