IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කොල්ලුපිටිය හැටන් නැෂනල් බැංකු ශාඛාව සති දෙකකට වසා දමයි

( තිළිණි ද සිල්වා)
 
සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකුට කොරෝනා වයිරසය  ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ හැටන් නැෂනල් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව සති දෙකකට වසා තැබීම සඳහා කටයුතු කරනු ලැබු බව හැටන් නැෂනල් බැංකුව  නිවේදනය කර සිටී.
 
මේ හේතුවෙන් පූර්වාරක්ෂක පියවරක් ලෙස වහාම  ක්‍රියාත්මක වන පරිදි එම ශාඛාවේ සියලූම කාර්ය මණ්ඩලයට ස්වයංනිරෝධායනයට ලක්වන ලෙසද උපදෙස් දුන් බවද හැටන් නැෂනල් බැංකුව  මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක්  නිකුත් කරමින් හැටන් නැෂනල්  බැංකුව වැඩිදුරටත් කියා සිටී.
 
ඒ අනුව මෙම කොල්ලුපිටිය ශාඛාව දින 14 කාලයකට සිය බැංකු මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති අතර කාර්යාලය ගොඩනැගිල්ල නිසි විෂබීජහරණ ක්‍රියාවලීන් සිදු කරමින් පවතින බවද එම බැංකුව කියා සිටී.
 
මහ බැංකුවේ රෙගුලාසි වලට අනුකූලව හැටන් නැෂනල් බැංකුව අත්‍යවශ්‍ය සේවා සපයන අතරම මෙම බැංකු ශාඛාවේ ගනුදෙනුකරුවන් වේ නම් ඔවුන් හැකිතාක් දුරට ඩිජිටල් බැංකු සේවාවන් භාවිත කරන ලෙසත්, කොල්ලුපිටිය ශාඛාවෙන් සිදුකර ගත යුතු අත්‍යාවශ්‍යම සේවාවන් වෙනත් බැංකු ශාඛාවකින් සිදුකර ගත හැකි බවත් හැටන් නැෂනල් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත.
 



අදහස් (0)

කොල්ලුපිටිය හැටන් නැෂනල් බැංකු ශාඛාව සති දෙකකට වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site