
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටෙි ජනතාව කන්න නැතිව සිටින විට ඇතැමුන් කෝටි ප්‍රකෝටි ගණනින් කලු සල්ලි ජාවාරමේ යෙදෙන්නේ යැයි ද දේශපාලනඥයකුගේ නමක්ද ගෑවී ඇති මෙම ජාවාරම ගැන ඇත්ත කරුණු ආණ්ඩුව වහා රටට ඉදිරිපත් කළ යුතුව ඇතැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රටෙි ආර්ථිකය කඩා වැටුණේ ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසයි.දැන් හාල් මිල තීරණය කරන්නේ කැබිනට් මණ්ඩලය නොවේ.
ඩඩ්ලි සිරිසේන විසිනුයි.මේ ආණ්ඩුව විසින් හාල් ගැසට් අටක් රිවස් කර තිබෙනවා.ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති සමඟ අද රටම රිවස් වෙමින් තිබෙනවා.බරපතළ ආහාර හිඟයට පෙර නිමිති පහළ වෙමින් තිබෙනවා.වචන හරඹ වලින් ආර්ථිකය ශක්තිමත් යයි කියන්න හැදුවත් ඇත්ත කතාව ආර්ථිකය කඩාවැටිලා" යනුවෙන් ද විජිත හේරත් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිලු කරන්න එපා
රට කඩා වැටුනා කියන්නේ ජෙප්පොන්ට ඉහේ මල් පිපුනා වගේ තමයි
කොරෝනා නිසා වෙන්න ඇති.
කලුසල්ලි ජාවාරම් ගැන සොයා බලන ගමන් පඩිය පක්ෂෙට දීලා ජෙප්පෝ සැපට ඉන්නේ කොහොමද කියල හෙව්වොත් තවත් ජාවාරම් හෙළිවේවි
ඒ කාලේ හිටපු නියෝජ්‍ය ඇමැතිලා ඔහොම කරලා නම්, අගමැති, ජනාධිපතිලා වෙච්චි අය ගැන කුමන කතාද?
තීරු නඩේෂන් කියන්නේ මහරාජා ආයතනයේ හිටපු අධ්‍යක්ෂ කෙනෙක් කියලා මේ හේරත් සහෝදරයා දන්නැතිව ඇති... නැත්නම් ඒ ආයතනයට විසුමක් වෙන එකක් නැහැ...