IMG-LOGO

කැලේ සඟවා තිබූ කොටි බෝම්බ බෝට්ටුවක් සොයාගනී

(රොමේෂ් මධුෂංඛ)

කොටි ත්‍රස්ත සංවිධානයේ මුහුදු කොටි බළකායට අයත් මරාගෙන මැරෙන බොට්ටුවක් මුලතිව් චලෙයි ප්‍රදේශයේදී සොයාගත් බවට යුදහමුදාව පවසයි.

මුලතිව් ධීවරයන් පිරිසක් චලෙයි කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ සැකකටයුතු බොට්ටුවක් දැක ඒ පිළිබඳව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුදහමුදා බුද්ධිඅංශයට දැනුම් දීමට අනුව එය සොයාගෙන ඇත.

අනතුරුව 68 වන සේනාංකයේ 681 බලසේනාංකයේ 09 වන ජාතික ආරක්ෂ බලමුලුවේ සෙබළුන් හා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් සිදුකරන ලද පරික්ෂාවකදී  මෙම බෝට්ටුව සොයාගනු ලැබීය.

සොයාගත් මරාගෙන මැරෙන බොට්ටුව සාමාන්‍ය ධීවර යාත්‍රාවක් ලෙසින් සකසා එහි බඳකොටසේ බෝම්බ සවි කොට එය ආවාරනය කොට තිබූ අතරම යුද සමයේදී මුහුදු කොටි බලකාය විසින් මෙම මරාගෙන මැරෙන බොට්ටු භාවිතයට ගත් බවට යුදහමුදාව සැකපල කරන ලදි.



අදහස් (0)

කැලේ සඟවා තිබූ කොටි බෝම්බ බෝට්ටුවක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site