(සුජිත් හේවාජුලිගේ)
මුහුදු කලාපය ආශ්‍රිතව කරවල වාඩිවල මෙහෙකාර සේවයේ යොදවා සිටින දරුවන් සොයා ගැනීමටද පොලිසිය විමර්ශන අරඹා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.
විශේෂයෙන් බත්තලන්ගුණ්ඩුව, කල්පිටිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙලෙස ධීවර කටයුතුවලට යොදවාගෙන සිටින බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
වාරකන් හේතුවෙන් මේ දරුවන් ධීවර ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වල රැඳී සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද විපරමින් සිටින ලෙස පොලීසියට දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිෂාඩ් බදියුදීන් නොහිටින්න හුඟක් දේවල් අතපසු වෙන්න ගිහින් වගේ...
මෙහෙම කලින්ම ඔත්තු දුන්නාම ඔවුන් කලින්ම හංගයි.. මාර මොලේ...
ඇයි නිළියන්ගේ වැඩ ඉවරද? කරවල වේලන්න හදන්නේ?
කොළඹ 07 වැඩේ ඉවර කරලා අනික් ඒවා පටන්ගමු... නැත්නම් ඔක්කොම භාගයට...
වාඩි වලා ඉන්න අය බයකරලා, නිකන් කරවල ගන්න කරන මගඩියක්...
විශේෂයෙන්ම වතුකරයේ දේශපාලකයන් සියලු දෙනාම ඔවුන්ගේ ජනතව පිළිබඳව කිසිඳු තැකීමක් නොකර තිබෙන බව මෙයින් මනාවට තහවුරු වේ. ඡන්දය ලබාගැනීමට පමණක් ඔවුන් වෙත යාම පමණක් කර වතුකර ජනතාවගේ මූලික ගැටළු මගහැර තිබෙන බව තහවුරු වේ. ඉදිරි ජනාධිපතිවරණයකදී /මැතිවරණයකදී කවුරුන් හෝ අලුත් කෙනෙකු වතුකර ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් කතාකළහොත් වතුකර ජනතාව 100%ක් ඔවුන්ගේ ඡන්දය ඔවුන්ගේ අවශ්‍ය දේ ලබාගැනීම වෙනුවෙන් ලබා දෙනු ඇත. වතුකර ජනතාවද ඔවුන්ගේ වර්තමාන දේශපාලකයින් පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් ඉදිරි මැතිවරණයකදී ඔවුනට එ් සඳහා අවස්ථාවක් ලැබේ.
මේ හාදයා ෆැන්ටසිවල ජීවත්වෙන මොලේ අමාරු කාරයෙක්... අපි චූටි කාලේ චිත්‍ර කතාවකුත් තිබුනා වහල් දුපත කියලා. රටේ අගහිඟකම් වැඩිවෙන විට මිනිසුන්ගේ හිත් වෙනත් දිශාවකට යොමුකරන්න ලස්සන සුරංගනා කතා, හිච්කොක්ගේ වගේ භයානක කතා... මවන්න මෙයා නොකරන උත්සාහයක් නැහැ.
ළඟදීම කරවල හිඟයක්.. දෙයියෝ සාක්කි..!
ඇයි අර ඔත්තු බලන ඩ්‍රෝන තාක්ෂණය? ඒවා යවලා බලන්න පුළුවන්නේ. අනේ ගොන්පාට් එපා... මේ 21 වැනි සියවසේ...