( තිළිණි ද සිල්වා)
2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගයේදී සිදුවූ බලපෑම්, බල පුළුවන්කාරකම් සහ වෘත්තිය ගරුත්වය කෙලෙසීම් දුටු විට තමාට එය නොදැක්කා සේ සිටිය නොහැකි වූ බව කැරොලයින් ජූරි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයට දන්වා ඇත.
අසාධාරණයට එරෙහිව පෙනී සිටිම ගැන සැබවින්ම ආඩම්බර වන බව සඳහන් කරන ජූරි මහත්මිය විවාහක රූ රැජිණ සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ලෝක විවාහක රූ රැජිණ තේරීමේ ජාත්‍යන්තර තරගරය සැලසුම් කළ පරිදිම මෙරටදී පවත්වන ලෙසය.
ලෝක විවාහක රූ රැජිණ කිරුළ අත් හරින බව දන්වමින් කැරොලයින් ජූරි මහත්මිය එස සංවිධායකවරුන්ට යොමු කරන ලද නිවේදනයේ වැඩිදුරටත් වන්නේ, විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ අසාධාරණකම් පිළිබඳව ඉව වැටුණු මොහොතේ සිට ඒපිළිබඳව ප්‍රශ්න කළ බවය.
තව ද අවසන තරගයේ විනිශ්චය මණ්ඩලයෙන් තමා ඉල්ලා අස්වන බව ලෝක විවාහක රූ රැජිණ සංවිධායකවරුන්ට පවා දැන්වූ බව ද ඇය කියා සිටින්නීය.
ලෝක විවාහක රූ රැජිණ කිරුළ වෙනුවෙන් වන තරගය යනු තමන්ගේ සිහින ජය ගැනීමට වෙහෙස වන විවාහක කාන්තාවන්ගේ තරග වේදිකාව බවත් ලෝක විවාහක රූ රැජිණ කිරුළ කිසි ලෙසකින් තරග නීතිරීතිවලින් රිංගායෑම්, අයුතු බලපෑම් කිරීම් සහ අසාධාරණය නියෝජනය නොකරන බවත් කැරොලයින් ජූරි මහත්මිය සිය නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැරොලයින් ඉතා සාධාරණ, යුක්තියට ගරු කරන කාන්තාවක්. ඇය රටේ කාන්තාවගේ මුදුන්මල්කඩයි.
ලංකාවේ දේශපාලනය ගෑවුණූ තැන විනාශය මේ තරගෙත් වුණේ එකයි මෙතුමියගේ කතාව හරි...
ඒ පාර කොරෝනා මදිවට කැරොලිනා...!
චේච්ච නෝන්ඩිය වහගන්න මොනවා කිව්වාත් මුළු ලෝකෙම දැක්කා නූගත්කමයි ඊර්ෂ්‍යාවයි දෙකම.
මෙයාලා ගැන මොකට වද වෙනවද? වෙබ් අඩවියේ ලිපියක් වෙන් කරන එකත් අපරාධයක්
අසාධාරණයක් වුණා නම් එක වැදගත් විදියට විසඳන්න තිබ්බා පොඩි වුන් වගේ ලෝකයක් ඉදිරියේ අපේ මව්රටට ලැජ්ජාවට පත් නොකර
මීට පස්සේ ලංකාවේ පවත්වන්නේ කෙලෝනා තරග විතරයි ලු