
(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 කින් සහ ග්‍රෑම් 400 ක් රුපියල් 100 කින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය එකඟ වූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශයකයකු ‘ලංකාදීප’යට පැවසීය.
මෙම මිල වැඩි වීමත් සමඟ කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1195 ක් දක්වා ද, කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 480 ක් දක්වා ද, ඉහළ යනු ඇති බව සදඟන් කළ එම ප්‍රකාශකයා මෙම නව මිල තවත් දින දෙක තුනක සිට ක්‍රියාත්මක වනු ඇති බවත් කීය.
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කිලෝවකට රුපියල් 350 ක වැඩිවීමක් ඉල්ලා සිටිය ද පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් රුපියල් 250 කින් පමණක් ඉහළ දැමීමට එකඟ වූ බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශයකයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ගේ සෞභාග්‍යයේ දැක්ම උතුරනවා.. ආපු දවසේ ඉඳලා...
ආනයනය කරනු ලබන කිරි පිටි සඳහා රජයේ බදු සහනයක් ලබාදෙමින් පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමට හැකියාවක් නැතිද? දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි වර්ග දෙකෙහි මිල ඉහළ නොදමන්න. රටට අවශ්‍ය පරිදි කිරිපිටි නිෂ්පාදනය කළ හැකි බව එම ආයතන දෙක පවසනවා නම් මේ කෙරෙහි අවධානය යොමු කොට ආනයනය නතර කරමු. රාජ්‍ය අමාත්‍යවරයාණෙනි, රටේම ජනතාව සිටින්නේ දැඩි දුෂ්කරතාවකයි...
දුප්පත් මිනිසුන් අන්ත අසරණ තත්වයකට අද පත්වෙමින් යන්නේ...
අපි හිතාගෙන හිටපු සෞභාග්‍යයේ දැක්මද මේ? පොළොවේ පස් තමා අන්තිමට කන්න වෙන්නේ..?
අනගාරික දම්පල් තුමා එදා ගවමස් කෑමට විරුද්ධ වුනේ ඇයි කියලා දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. කොළඹ බඩවල් පුරවන්න විතරක් දවසකට කිරි හරක් මසට මැරෙන තරම පෑලියගොඩ මස් මඩුවෙන් හිතාගන්න පුළුවන්. එක් පිරිසක් දරුවෙක් ඉපදුණු සතුටටත් හරකෙක් කපනවා. ආගමික උත්සව වෙනුවෙනුත් හරක් කපනවා. කැකිරාව හම්බන්තොට පැතිවල හිටපු කිරිහරක් හොරෙන් පටවන ජාවාරම් මේ රටේ සුළභ දේවල්. කිරි අම්මා කියලා පෝස්ටර් ගහලා බුදුසරණයි කියා ලියූ ලොරිවල ගමේ කිරි හරක් ටික කොළඹට අදින හැටි දන්නෝ දනිති. ඒ අතරේ නායකයින් ගවඝාතනය තහනම් කියලා රටේ ප්‍රශ්ණ යටගහන ජනප්‍රිය කතා කියනවා. ඊට පස්සේ සුපුරුදු පරිදි කියපු බයිලා ක්‍රියාත්මක කරන්න බැරිව හීන්සීරුවේ කතාව යට ගහනවා.. ජනතාව අං තට්ටු දාගෙන ඉන්න රටක මේවා අරුමයක් නොවෙයි...
කිරිපිටි බොනවට වඩා හොඳයි පුන්නක්කු කෑවා නම්... කිසිම පෝෂණයක් නැති පිටි දියකරලා බොන එක මාසයක් නවත්වන්න. ඔය වැඩි කරපු එකෙන් භාගයකට අඩුකරනවා ජනතාව විදිහට ... කම්පැණි කාරයින්ට දඬුවම් කළ හැකි එකම ක්‍රමය පරිභෝජනයෙන් ඈත් වීමයි. මොකද මේවා අත්‍යාවශ්‍ය ආහාර නෙවෙයි...
අපිට වටිනවා ජාතික ආරක්ෂාව... තව වැඩි කරන්න අපි සර් සමගයි.