
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොරෝනා ආදී උවදුරු නිසා රැකියා අහිමි වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සහන සැලසීමට සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.
'කම්කරුවන් වෙනුවෙන් නීති ගෙන ආ විට ආයෝජකයන් එන්නේ නැතැයි සිතීම දුර්මතයක් බව කිව යුතුයි.වතුකරයේ වෘත්තීය සමිති බෙදී ඇති නිසා කම්කරු අයිතිවාසිකම් රැකීමට නොහැකි වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ හාම්පුතුන් තම වාසිය ගන්නවා.අපට කළ හැකි ඉහළම සේවයන් කම්කරුවන් වෙනුවෙන් කර තිබෙනවා.මේ වන විට කම්කරුවන් සඳහා රුපියල් 1000 වැටුප ගෙවනවා.ගෘහ සේවයේ සිටින අයත් අර්ථසාධක අරමුදලට ඇතුළුවන සේවක කණ්ඩායමක් ලෙස නම් කරමින් අප නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා යනුවෙන් ද කම්කරු අමාත්‍යවරයා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මාස ගානක් ගෙදර කිසිම පිළිසරණක් නැහැ
දැන් හොඳටම ඇති සැප ගත්ත, ගෙදර ගිහින් ගහපු සල්ලි වලින් විනෝද වෙන්න.