( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොරෝනා වයිරසය ආසාදනය වී මරණයට පත් වන්නන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන එච්. ඩී. ඕෂල ලක්මාල් හේරත් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානී ජයවර්ධන ,සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
කොරෝනා වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් 11වැනිදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරු කියා සිටී. එම ගැසට් නිවේදනයේ 61. ඒ දරන රෙගුලාසි යට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු බවද පෙත්සම්කරු සිය පෙත්සමින් පෙන්වා දේ.
එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකිය. එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බව ට රෙගුලාසි පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරු කියා සිටී.
එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් ,එබැවින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා සිටී.
නීතීඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය මඟින් මෙම පෙත්සම ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හෝ මඩුවක් අටෝගෙන සමාජ ක්‍රියාකාරීන් ලෙස මේ කරන්නේ කාගේ කාගේත් කොන්ත්‍රාත් නොවේද? මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණයට එරෙහිව මුලික අයිවාසිකම් කතාකරන මෙම වසුපැටියා තමන්ගෙන් තමන් උපන් රටට අවංකව සේවය කරේද? කරන්නේද? යන්න පළමුව සොයා බැලිය යුතුය. රටම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තාවූ තීරණයක් කෙසේ තවත් කෙනෙකුගේ මුලික අයිතිවාසිකම් කඩවන්නේද? එසේ නොවන්නේද? යන්න බාලංශේ ඉගෙනුම ලබන ළදරුවෙකුට වුවත් හොදින් තේරෙන කරුණක් උවත් මේ කරන්නේ තම නම ප්‍රසිද්ධ කරගැනුම මෙන්ම ගානක් සොයාගනුමටය.
එක්සත්ජාතීන්ගේ ශාකාවක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය කියන කියන හැම දේම පිළිපදින්න අපි කොහෙත්ම බැඳිලා නැහැ. මිනි වළලලා වයිරසය පැතිරිලා ගියෝතින් ඔය පණ්ඩිතයින් එකෙක්වත් එන්නේ නැහැ අපේ උදව්වට. අපිට මතකයිනේ කොටි යුද්ධය කාලේ ..කොටියාව බේරාගන්න ඔය කට්ටියම උත්සහ ගත්තා. හොඳ වෙලාවට සරත් ෆොන්සේකාගේ හමුදාව කොටියාව මරුවා. ඒවගේ කොරෝනා වලින් මරුන කෙනෙක් නම් ආදාහනය කිරීම රටේම සෞඛ්‍යයට හිතකරබව නොතේරෙන මේ පිස්සන්ට මොනවා කරන්නද..?
මේ වගේ චූන් කාරයෝ එදත් හිටිය, අදත් ඉන්නවා හෙටත් ඉඳීවි. අර සන්නස්ගල කිව්ව වගේ මේ වේලාවේ අල්ලට කොරන හැදිලා මලත් පුච්චන්න ඕන . මොකද අනිත් මිනිස්සු ටික බේරගන්න . අනික මේ රටේ දැන් වැඩ කෙරෙන්නේ ඔය එන් ජී ඕ කාක්කන්ට ඕන විදියට නෙමි...
මේ ලෝයර් තවරාසා තමයි හැංගිලා හිටපු රවී වෙනුවෙනුත් ඉදිරිපත් වුනේ... ලක්මාල් කියන්නේ එනජීඔ ද?දෙන්නම ගොඩක් ලංකාවට සේවය කරන මිනිස්සු වගෙයි පේන්නේ...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්නේ සියල්ල දත් අය නොවේ. මේ වයිරසයට තවම බෙහෙත් සොයාගෙන නැහැ. වයිරස් සහිත මෘතදේහ වැළලීම කළහොත් වයිරස් ජලයට මුසුවීමට පුළුවන්. ඒ නිසා තමයි අධික උෂ්ණත්වයෙන් වයිරස් විනාශවීමට සිරුරු දවන්නේ. මේක වටහා ගන්න සමහර දෙනාට බැහැ. වයිරස් ජලයට මුසු උනොත් දෙවියන් ලඟට යන්නට වෙන්නේ කොරෝනාත් එක්කයි.
ලංකාවේ මිනී වැළලීම කොහොම වෙතත් හොරෙන් හාරා පෙට්ටිය පටන් ගෙනගිය අවස්ථා තියෙනවා. ඊට අමතරව සමහර තැන්වල තද වැසි සමග වතුර මට්ටම හිටපු ගමන් උඩට එනවා. එවැනි දේවල් නිසා මියයන ආසාදිතයින් වැළලීම නම් හොඳ ක්‍රියාවක් නොවෙයි. මලාට පස්සේ සලකන්න හිතන්නේ පන තියෙන කාලේ නොබලපු පව් කාරයින්. ඕනෙම දේකට විරුද්ධ අය ඉන්න රටක නිවැරදි ක්‍රියාවකට වුනත් විරුද්ධ වෙලා එක්කෝ ප්‍රසිද්ධියට පත් වෙන්න එහෙමත් නැතිනම් තමන්ගේ පිශාච චින්තනය මුදුන්පත් කරගන්න කටයුතු කරන්නෙක් ඉන්න පුළුවන්නේ..
ආදාහනය කරන්න එපා කියන මේ කෙනාගේ නිවසට බාර දෙමු කොරෝනා රෝගීන්. මේ වගේ මොලයක් නැති මිනිස්සු. පාස්කු ප්‍රහාරයෙන් මැරුණු මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න මුලින්. ඒ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරපු එක ගැන. ඒ ගැන මේ පුද්ගලයාට කොරෝනා වලින් මැරෙන මිනිස්සු ආදාහනය කරන එක ගැන කතා කරන්නේ අහවල් ජාතියෙන් මුදල් ලැබිලාද කොහෙද? කලයුතු හොදම දෙය කොරෝනා වලින් මැරෙන රෝගින් තමන්ට ආසන්නම කනත්තේ වල දැමීමට එම ප්‍රදේශ වල ජනතාව විරුද්ධ වීම කල යුතුයි. ඒ එම ප්‍රදේශ වල ජනතාවගේ ජීවත් වීමේ අයිතිය නිසා. එතකොට නිකම්ම ආදාහනය වෙයි අහවල් ශ්‍රී ලාංකිකයන්..
මෙතෙක් දවස් පිස්සු කොරෝනා ප්‍රභේදයෙන් දැඟලුවේ ලෝකෙට ලොක්කා කියා ගන්නා කෙනා. බලාගෙන යද්දී පිස්සු කොරෝනා ප්‍රභේදය මෙහෙටත් ඇවිල්ලා වගේ..
අනූව දශකයේ කොලරා වසංගතය පැතිරීමට හේතු වුනේ ඉන්දියාවේදී මියගිය මෙරට ප්‍රසිද්ධ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු ගේ දේහය ලංකාවට ගෙනැවිත් හැමිල්ටන් ඇලේ සෝදා ආගමික වතාවත් සිදු කර මිහිදන් කිරීමයි. ආසාදිතයින් 450ක් අතුරින් 125දෙනෙක් මියගියා. කොරෝනා වෛරසය ලෝකයටම අලුත්. මොන අයුරින් ව්‍යාප්ත වනවද නැද්ද කියල කවුරුත් දන්නෙ නෑ. ඒක හින්ද හොඳම දේ වෛද්‍යවරුන්ගෙ නිර්දේශ අනුව වෛරසය විනාශ වන පරිදි ඉහල උෂ්ණත්වයක ආදාහනය කරන එකයි. මමත් රෝමානු කතෝලික ධර්මය අදහන කෙනෙක්. මම මැරුණොත් මිහිදන් කරනවට තමයි කැමති. ඒත් මේ වසංගත අවස්ථාවේදී අපි බුද්ධිමත් ව කල්පනා කල යුතුයි.
අපි රටක් විදිහට කොහෙටද යන්නේ? මොනවද මේ විකාර ? කනබොන දේට අදින පළදින දේට අන්තිමට මිනියට කරන දේට පවා ආගමක් පටලාගෙන. බුද්ධියක් කියල දෙයක් ගෑවිලාවත් නැද්ද? මේ වෙලාවේ ආරක්ෂක අංශ සෞක්‍ය අංශ කියන දේවල් පිළිගන්න බැරිනම් කරුණාකරලා වෙන රටකට යන්න පුළුවන්...
කොරෝනා වෛරසය පිළිබඳ කෙල පැමිණි විශේෂඥයන් සිටින්නේ ශ්‍රී ලංකාවේ. මතකද සමහරු බෙහෙත් වර්ගත් නියම කරා. ඒ බෙහෙත් වර්ග බීමු සමහර රටවල අය ඒකෙන්ම මියගිහින් තිබුනා. මතකද රෑට ඇඳිරි නීතිය දාන්නෙ කොවිඩ් එන්නේ රෑටද කියලා ඇහුවා. අපේ සමාජය දහවල කාලයේ වැඩ කරලා තම තමන්ගේ ඇති හැකි කම් අනුව රෑට එක්කෝ ක්ලබ්, නැත්නම් කට්ටිය සෙට් වෙලා එකම බෝතලය එකම සිගරට්ටුව හවුලේ ගහනවා. දහවලට වඩා රාත්‍රියේ සමාජ ඇසුර වැඩියි. හැඳුනුම්පතේ අංකය විවේචනය කරා. ඇත්තටම ඒකෙන් සමාජයට එකවර අවතීර්ණ වන පිරිස 1/5 ක් අඩු වෙනවා. පොලිසිය මුල් කාලයේදීම මුඛ ආවරණ පලදින ලෙස සමාජයට බල කලා. ඒක විවේචනය කරපු කට්ටිය කිව්වා එහෙම මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නැහැ කියලා. අන්තිමට ඒක අනිවාර්ය කරන්න වුනා. යාචකයන් නගරයෙන් ඉවත් කරන එක විවේචනය කරා. ඇත්තටම සංචාරක යාචකයන්ගේ අපිරිසිදු පැවැත්ම විෂබීජ පැතිරීමට ප්‍රබල හේතුවක්. මේකත් ඒ වගේ තමයි. භූගත ජලයෙන් පොහොසත් අපි වගේ රටක පොලොව (පස) දූෂණය නොවී තබා ගත යුතුමයි. ඒ නිසා අපේ රටට හොඳම ක්‍රමය ආදාහනය පමණමයි. පස්සෙ නහයෙන් අඩනවට වඩා ලත් තැනම ලොප් කිරීම උචිතයි. පරිසර වේදීන් මේ වගේ වෙලාවට පෙරට පැමිණිය යුතුයි.
මේ වෛරසය මේ තරම් ලෝකය පුරා ප්‍රචාරය වීමටත් බලපෑවේ මේ වගේ අදහස් ඇති මිනිස්සුම තමයි... අපි කොහොමද කියන්නෙ සිරුරක් අඩි 6 ක් නෙමේ අඩි 20 ගැඹුරක භූමදානය කලත් මේ වෛරසය කිනම් හෝ මාර්ගයකින් තවත් පුද්ගලයෙකුට ආසාදනය නොවීමට හෝ පස තුල දීර්ඝ කාලයක් රැදී නොසිටීමට හේතු කාරනා තියෙනව කියල... කෝවිඩ් 19 ගැන තවමත් හරි නිර්වචනයක් දෙන්නට ලොකයෙ කිසිම විද්‍යාඥයෙක්.... වෛද්‍ය විශේෂඥයෙක්... පර්යේෂකයෙක් සමත්ව නොසිටින මොහොතක මෙවන්පටු අදහස් තියෙන මිනිස්සු මේ ලෝකෙට මොනතරම් විනයක්ද කියල මේ පුවත දකිද්දි මට හිතෙනව... නීතිය තියෙනව තමයි... මානුෂවාදි හේතු කාරණාත් තියෙනව තමයි. හැබැයි තම අභිමතාර්ථ මුදුන්පමුණුවා ගන්නට නීතියෙ ඇති ඇතැම් තැන් භාවිතා කරන්නට කලින් මුළු රටක්....ජනතාවක් ගැන ටිකකට හරි හිතන්න මහත්මය.....
මිනිය ඔවුන්ගේ කනත්තකම මිහිදන් කලාම පස්සේ දවසක මිනිය ගොඩ අරන් අයෙත් කොරෝනා පතුරවන්න පුළුවන් කියල මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්ද? එතකොට අයෙත් බෝම්බ හදන්න මහන්සි වෙන්න ඕනේ නැහැ බෝම්බෙට වඩා සුපිරි බඩුවක් අතේ තියනවා.
මිලියන 23 ක ජනතාව වෙනුවෙන් කාලකන්නි ටිකක් මැරුවට කමක් නෑ,
සමහර මිනිස්සු සල්ලි වෙනුවෙන් නොකරන දෙයක් නැහැ.. රට විතරක් නෙමෙයි, තම දෙමව්පියන්වත් පාවාදේවි...
ඒ ඒ ප්‍රදේශවල ජනතාව තම ප්‍රදේශවල සුසාන භූමිවල මියගිය කොරෝනා ආසාදිතයින් භුමිදානය කරනවාට විරුද්ධව විශේෂයෙන් අභ්‍යන්තර භූමික ජල මට්ටම ඉහළින් පවතින හා නිතර ගංවතුරට යට වෙන වැඩිපුර ළිං වතුර භාවිතා කරන ප්‍රදේශවල ජනතාව නැගී සිටියහොත් භූමදානය වළක්වා ගත හැකිවේවී.
එහෙනම් ඉතින් මළමිනී ගෙදර තියාගෙන ඒවත් එක්කම මැරෙන්න.
කොරෝනා හැදිච්ච මළසිරුරක් ගෙදරට යවන්න සිල් නොකර. එහෙම නැත්තම් මෙයාගේ මිදුලේ වළලන්න. ප්‍රශ්නේ විසදෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මළ සිරුරු මිහිදන් කරන්න පුළුවන් කියලා කියනවා. ලෝකයේ සියලු රටවල් මළ සිරුරු මිහිදන් කළත් ලංකාවේ බැරිලු. වෛරසය වතුරට එකතු වෙනවලු.
කාගේ බෝලයක්ද මේ බස්සගන්න උත්සාහ කරන්නේ? සී.සී.ටී.වී මගින් ඇසුරු කළ අය හොයන්න ඕනේ මුලින්ම.
කොහේ බැලුවත් ජාතිවාදය. ආදාහනය අස්සෙත් නීති දෙකක්. අපි ඒක දැක්කා අර ගැහැණු කෙනෙක් මැරුනු වෙලාවේ. මේවට තමා කියන්නේ ජාතිවාදය කියලා.
පවතින නිරෝධායන නීතිය යටතේ මේ පෙත්සම සාකච්ඡාවට නොගෙනම ඉවත් කළ යුතු අතර පෙත්සම්කරුට දැඩි දඬුවම් පැමිණිය යුතුය. මළ කඳක් කරේ තියාගෙන මගුල් නටන්න හදන අමණයෝ.
නීති රීති අණ පනත් පිළියෙල කිරීමේ දී වැඩි අවධානය යොමු කළ යුත්තේ මළ ගිය අයවළුන් වෙනුවෙන් නොව ජීවත්ව සිටින අය කෙරෙහිය. අනික කෙනෙක් මැරුණට පසු ඔහුගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට වඩා ඔහු ජීවත් කරවීමට උත්සාහ කිරීමයි වැදගත්. අසාදිත හෝ එසේ සැක කටයුතු අයෙකු මළ පසු එය ආදායනයට නියම කරනු ලබන්නේ ජීවත්ව සිටින අයගේ ආරක්ෂාව වඩා වැදගත් බැවින්. අනික අප එ.ජා.ප. සාමාජික වූ පළියට නියම කරන ඕනෑම කොන්දේසියක් පිළිගැනීමට අප බැඳී නැහැ.
මුළු ලෝකයම මළමිනී භූමදානය කරද්දී අපේ රටේ විතරක් මළමිනී ආදාහනය කරනවා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. අනේ මන්ද ? ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි වැරදි මළ මිනි භූමදානය කරන්න පුළුවන් කියපු එක ගැන.
මළමිනී භූමිදානය කරන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා නම් තව මොකද්ද ඒකේ හොයන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඔක්කොම උපදෙස් ගන්නවා. මේකට විතරක් ජාතිවාදීව හැසිරෙනවා.
ජාලයට වයිරසය එකතුවෙනවලු. මහ මෝඩ කතාවක් තමයි. එතකොට අපි අත් හෝදනකොට ඒකෙන් වැටෙන වෛරසය යන්නේ අහසටද දන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භූමිදානය කරන්න පුළුවන් කියලා තියෙනවා. එහෙම තියෙද්දී තමයි මේ වගේ වැඩ කරන්නේ. පව් ඒ මිනිස්සු. ලගදි කොරෝනා නැති අම්මා කෙනෙක්ව කොරෝනා තියෙනවා කියල පුච්චලා දැම්මා. මේවට කොහෙන් දේවිද දන්නේ නැහැ අපිට. අනික මිනිස්සු මැරුණම මොන හිතකින් පුච්චනවද මන් දන්නේ නැහැ. ඒවා ස්වභාවයෙන් දිරාපත් වෙන්න දෙන්න ඕනේ .
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ තරම් කියලත් ලෝකෙම රටවල් පිළිගනිද්දී අපි වගේ මෝඩයෝ තමයි ඔය වගේ මෝඩ අදහස් තවම දරන්නේ....