IMG-LOGO

කොරෝනාවට බියෙන් මැලේසියාවේ ආදිවාසීහු වනාන්තරයට පලා යති

කොරෝනා වයිරසය මැලේසියාවේ පැතිරීමත් සමග එහි ජීවත් වන ආදිවාසී ජන කොටස් වනාන්තර වලට පලා යමින් සිටින බව වාර්තා වේ.

ආදි වාසීන් ජීවත් වන මැලේසියවේ පහාන්ග් ප්‍රාන්තයේ  ජෙමරි ගම්මානයේ පුද්ගලයෙකු දුරකථනයෙන් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ඔවුන් නැවත වනාන්තරයට යන බවයි.

"වනාන්තරයෙන් ආහාර ලබා ගන්නේ කෙසේ දැයි අපි දනිමු, අපට එහි වගා කලහැකි දේවල් තිබේ." යනුවෙන්  ඔවුන් පවසා ඇත.

අග්නි දිග ආසියාවේ වැඩිම ආසාදන සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැලේසියාවේය.

ආදිවාසී ජනකොටස් අතරින් "ඔරංග් අස්ලි" ජනවාර්ගික කණ්ඩායමේ වැසියෙකුට මුලින්ම කොරෝනා ආසාදනය වී ඇති අතර බියට පත්වූ ජෙමරි වැසියන්ගෙන් අඩක් පමණ අවට වනාන්තරයට පලා ගොස් තිබේ.

තවත් ආසාදිතයන් සිටිනු ඇතැයි සැක කරන බැවින් ගම්මානය මේ වනවිට අගුලු දමා තිබේ.

මැලේසියාවේ පැරණිතම ජන කොට්ඨාසයක් වන ඔරංග් අස්ලි, වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායමක් ලෙස හඳුනාගෙන තිබේ.

ඔවුන්ගේ ජනගහනය 200 000ක් පමණ වේ.

දරිද්‍රතාවය, මන්ද පෝෂණය වැනි සාධක හේතුවෙන් ස්වදේශික කණ්ඩායම් අතර කොරෝනා වයිරසය සීග්‍රයෙන් පැතිර යාමට ඉඩ ඇතැයි වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

මැලේසියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 3 000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර 50 දෙනකු මියගොස් තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
 



අදහස් (1)

කොරෝනාවට බියෙන් මැලේසියාවේ ආදිවාසීහු වනාන්තරයට පලා යති

රජින්ද Friday, 03 April 2020 08:10 AM

පාම් ඔයිල් වලට ඔරන්ඔටන්ලාව ගහ පිටින්ම පුච්චලා මරනකොට අක්කර දහස් ගානක වනාන්තර කපා දානකොට මිනිස්සු හිතුවනම් ආයෙත් අපිට වනාන්තර වලටම යන්න වෙන දවස වැඩි ඈතක නැහැයි කියල මෙහෙම දේවල් අහන්න නොවෙන්න තිබුනා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site