
(චමින්ද වැවතැන්න)
කොරෝනා රෝගයට දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කරමින් රටපුරා ජනප්‍රියත්වයට පත්වූ කෑගල්ලේ උඩුමාගම ධම්මික බංඩාර මහතාගේ බාල සහොදරයා කෝවිඩ් වයිරසය උත්සන්න වීමෙන්කු මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන් බංඩා නැමැති 58 හැවිරිදි තිදරු පියකු බව පොලිසිය කියයි.
පිළිකාවකට රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 12 වැනිදා රාත්‍රි නිවසේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුව කෑගල්ල මහ රෝහලේ දී දේහය සම්බන්ධයෙන් කරන ලද රැපික් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී
ඔහුගේ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය නීතිරීති අනුව කෑගල්ල ආදාහණාගාරයේ දී කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි අපොයි...! දැන් මේ පැණිය හදපු එක්කෙනාව උඩදාගෙන දඟලපු දේශපාලකයෝ ටිකට මොකද වෙන්නේ? ඒ අයටත් අනිච්ඡා වත සංඛාරාමද?
කෝ අපේ පැණි සුමනේ..? එන්නත් අවශ්‍ය නෑ. අපිට පැණි තියෙනවා කිව්වා නේද?
අනේ පව්... අර අහිංසක කාලි මෑණියෝ... කවුරු වුණත් නෝණ්ඩි වුණා...
පිළිකාවෙන් මියගියාම කොරෝනාවට බැර කරලා ධම්මිකට අපහාස කිරීම සුදුසුද කියලා නැවත සිතා බලන්න..