
(අංජුල මහික වීරරත්න)
ගාල්ල, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (16) පැවැත්විණි.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදු විය. අනතුරුව, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd