IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කිරින්දට ගිය ඇමැති විමල්ට විරෝධයක්

(රොෂාන් දිලිප් කුමාර)

කිරින්ද ප්‍රදේශයේ ඛණිජ වැලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රදේශවාසීන් සමග සාකච්චාවකට සහභාගි වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට තවත් පිරිසකගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ සාකච්ඡා අතර මග නතර කොට එම ස්ථානයෙන් පිටව යෑමට සිදු වීය.

තිස්සමහාරාම,කිරින්ද ප්‍රදේශයේ ඛණිජ වැලි ව්‍යපෘතිය තම අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ආරම්භ කරන බවත්,ප්‍රදේශයේ ජනතාවට ඒ හරහා ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එයට විරුද්ධ වුනු තවත් පිරිසක් කියා සිටියේ,ප්‍රදේශයේ සිවිල් සංවිධානයක් ඛණිජ වැලි නිධියට අදාල පරිසර වාර්තා,ශඛ්‍යතා වාර්තා වැනි දෑ ලබාගෙන ඇති බවත් ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යෑම සදහා සිවිල් සංවිධානය ඉන්දියානු සමාගමක් සමග ගිවිසුම් ගත වී ඇති බවත් රජයේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බවත් එම පිරිස කියා සිටයහ.

මේ අතර එම ප්‍රදේශයේම තවත් පිරිසක් කියා සිටින්නේ තම ප්‍රදෙශයේ සම්පතක් වන මෙම ඛණිජ වැලි නිධිය ඉදිරියට කරගෙන යෑමට ඉන්දියානු සමාගම් වලට ලබා දීමට ඉඩ නොදෙන බවයි.



අදහස් (4)

කිරින්දට ගිය ඇමැති විමල්ට විරෝධයක්

Senaka Saturday, 27 March 2021 04:48 PM

පාලකයෝ හෝල්සේල් විකුණනකොට ජනතාවත් විකුණන්න පටන් අරන් වගේ....

:       0       0

සමන් Saturday, 27 March 2021 06:23 PM

ප්‍රාදේශීය සිවිල් සංවිධාන කොහොමද රටේ තියෙන ඛනිජ සම්පත් ගැන තීරණයක් ගන්නේ.???? මේවා රටේ සම්පත්. එයින් ප්‍රදේශයේ ජනතාවට රස්සා ලැබෙන එක වෙනම දෙයක්. මෙහෙම ගියොත් රටේ තියෙන නිධි ටික එක එකා පිට රටවල් එක්ක ගිවිසුම් ගහගෙන විකුණා ගනී.

:       0       0

Mal Sunday, 28 March 2021 08:30 AM

"මෙම තත්වය මතුවන්නේ විමල් වීරවංශ මහතා යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම ඉල්මනයිට් අපනයනය කිරීමේදී වැඩිම ඉල්ලුම්කරුට ලබානොදී ටොන් එකකට ඩොලර් 18ක් අඩුවෙන් ගෙවන ගැනුම්කරුවෙකුට ලබාදීම පිළිබඳ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවේ අනාවරණය වී, ඒ පිළිබඳ විමර්ශනයක් ද සිදු කෙරෙමින් ඇති පසුබිමක" කියලත් වාර්තාවෙනවා නේද ?

:       0       2

sharm warn Monday, 29 March 2021 05:29 AM

විමල් කියන්නේ මහින්දගේ අතකොලුවක්නේ. ඒකත් අමතකද? මෙයා යන්නත් ඇත්තේ කවුරු හරි චීනෙකුට වැඩේ පන්ගාතු කරන්න වෙන්න ඇති. ඔයා එළියට ආවේ දැනටමත් ඉන්දියන් කාරයා කටුව ගහලයි කියලා. එව්වා අපේ මාධ්‍යවලට හසුනොවන්නේ මන්ද? අර ඔලුව නැතිව හොයාගත්ත ගැහැණු ළමයාගේ කිරිකෑ මුත්තගේ හැඳුනුම්පතේ පටන් එක රැයින් එළි දක්වපු කට්ටියට. මේ වගේ අතයටින් ගිහින් සිද්දවෙන ඒවා මග ඇරෙන්නේ කොහොමද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17840 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site