(විනීතා එම් ගමගේ)
පරිසර ප්‍රශ්න ඇති නොවන පරිදි කිරින්දේ ඛණිජවැලි නිධිය ප්‍රයෝජනයට ගත යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියයි.
දකුණු වෙරළ තීරයේ තංගල්ලේ සිට වලවේ ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා දිවෙන මෙම ඛණිජ වැලි නිධිය භාවිතයට ගත හැකි නමුත් එයින් පරිසර ප්‍රශ්න ඇති නොවන පරිදි එය ලබාගැනීම අනිවාර්ය යැයි ද සේනාරත්න මහතා පෙන්වා දෙයි.
පරිසර ප්‍රශ්න ඇති නොවන පරිදි ඛණිජ වැලි නිධිය ප්‍රයෝජනයට ගැනීමට නම් පෞද්ගලික අංශයට නොදිය යුතු බවත් රාජ්‍ය අංශයේ තබාගත යුතු බවත් පෙන්වා දුන් මහාචාර්යවරයා කර්මාන්තයක් ලෙස මෙම ඛණිජ නිධිය ප්‍රයෝජනයට ගත හැකි බව පෙන්වා දුන්නේ තමන් විශ්ව විද්‍යාල සිසුවකු සමයේ දී කළ අධ්‍යයනකින් පසුව යැයි ද කියා සිටියේය.
දැනට පුල්මුඩේ පිහිටි ඛණිජ වැලි කම්හල පවා පෞද්ගලික අංශයේ අත පෙවීම් හමුවේ අසාර්ථක වී ඇතත් එය ද අතිශයින් ලාභ ලබන පරිසර හිතකාමි ආයතනයක් ලෙස පවත්වා ගෙන යා හැකි යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීරී අලින්ට වීනා වාදනය කළාට වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ
මේ සියල්ල කිරීමට රාජ්‍ය අංශයට මුදල් තිබේද?
රාජ්‍ය අංශයේ තබා ගැනීම කොහොමද පරිසර හිතකාමී වෙන්නේ? එහෙම නම් මෙය පාවිච්චියට නොගත යුතුයි.
පසුගියදා විමල් ඇමතිවරයා සමග සමහර ප්‍රදේශවාසීන් ඇතිකරගත්තු පටලැවිල්ල ඇත්තටම ප්‍රශ්නයකි. ලංකාවේ සම්පත් විදේශවලට විකුණන්න එපා කියද්දිත් මේක ඉන්දියාවට දෙන්න යන්නේ කාගේ හරි මඩිස්සලේට අයුතු ලෙස ගානක් වැටෙන නිසා වෙන්න ඕනෑ. ඒ වැඩේට කිසි සේත්ම එකඟ වෙන්න බැහැ. රජයේ පාලනයට එය ගත යුතුමයි.
මොන පිස්සුද? මේ හොරු රැළක් වටවෙලා කන ආණ්ඩුවකින් පුද්ගලික අංශයට නොදෙන්න හේතු 05ක් කියන්නකෝ බලන්න. එහෙම දුන්නාම තමයි තාත්තලා පුතාලගේ කොමිස් කුට්ටි වැඩ කරන්නේ.. දැන් කන්නේ ඒ හැන්දෙන් කියලා දන්නේ නැද්ද? අපි පව් ඉතින්... තව හීන දකිනවා සමෘධිමත් රටක් හදන්න.
අද වෙලා තියෙන්නේ රටේ යහපත ගැන සිතන එක නෙමෙයි... තමන්ගේ සාක්කුව ගැන හිතන තණ්හා කාරයින් ඉන්න රටක්...
මහාචාර්ය අතුල සේනාරත්න මහතා.. විශිෂ්ඨ ප්‍රකාශයක් සහ විකුණන්නෙත්, දෙන්නෙත් නැහැ කියපු වියත් ආණ්ඩුව දේශිය වශයෙන් රජයේ කර්මාන්ත දියුණු කළ රාජ්‍ය ආදායම වැඩිකරගෙන ණය බර අඩුකළ යුතුයි.
ඒ තීරණයට එළඹෙන්න ඕනේ ඛනිජ නිධියේ පරිමාණය දැනගෙන. සුලු ප්‍රමාණයක් නම් අපි ඇමතිලා දාගෙන සංස්ථා දාගෙන සභාපතිලා පත් කරගන්න කොට බඩු ඉවරයි. ඒ යන වියදම ඉතුරු කරගෙන කලින්ම මුදල් ලබාගන්න ඉහළම ටෙන්ඩරයට බදු දීලා. ජෙප්පෝ ගැන හිතන්න එපා.