IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා සහන වැඩට වැලිගම ප්‍රා. සභාවෙන් එක් කෝටි විසි ලක්ෂයක්

සුමතිපාල දීයගහගේ

කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි මහජනතාවට සහන සැලසීම සදහා එම ප්‍රාදේශීය සභාව රුපියල් එක් කෝටි විසි ලක්ෂයක මුදලක් වෙන්කර ඇතැයි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා පවසයි.

මෙම මුදල් යොදවා අපහසුවට පත්ව සිටින ජනතාවට රුපියල් දෙදහසක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය බඩු මල්ලක් රුපියල් දහසකට ලබාදිම, රුපියල් දහසක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය බඩු මල්ලක්‍ රුපියල් 500කට ලබාදිමට පියවර ගෙන තිබේ.

මීටඅමතරව ඉතාමත් දුප්පත් පවුල්වලට නොමිලේ ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදීමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කරන බව බැට්ටගේ මහතා පැවසිය.

මීට අමතරව රජයේ සහ පොදු ස්ථාන විෂබීජහරනය කිරීම දැනටමත් ක්‍රියාත්මක කර තිබේ.

පානීය ජල ගැටලුවට විසදුම් වශයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහාය ඇතිව පොදු ස්ථාන 32 පානිය ජලය සහිත විශාල බැරල් තබා ඇත.

එම ප්‍රාදේශීය සභාව විසින් ලබා දෙන සහන බඩු මල්ල ලබා ගැනීමට බලාපොරොත්තුවන මහජනයාට ඒ සදහා ඉල්ලුම් කිරිමට එම ප්‍රාදේශීය සභාව විසින් දුරකතන අංක දෙකක් ලබාදී ඇත.

එම දුරකතන අංක මෙසේය. 0412254287, 0412252330 වේ.

දකුණු පළාතේ පිහිටි ප්‍රාදේශිය සභාවලින් විශාලම බල ප්‍රදේශය අයත්වන්නේ වැලිගම ප්‍රාදේශිය සභාවටය. එම සභාව තුල පවුල් 37000 ක් පදිංචිව සිටිති. ග්‍රාම නිලධාරී වසම් 73 ක් ඊට අයත්වේ.

ආදායම් තත්වයෙන් වැලිගම ප්‍රාදේශීය සභාව ඉහල මට්ටමක් ඇත.



අදහස් (0)

කොරෝනා සහන වැඩට වැලිගම ප්‍රා. සභාවෙන් එක් කෝටි විසි ලක්ෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 223 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 110 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 464 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site