(සුමතිපාල දීයගහගේ)
කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින නියාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි මහජනතාවට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ පනහක මුදලක් වෙන්කර ඇතිබව නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසාද් වීරක්කොඩි මහතා පවසයි.
මෙම මුදල් යොදවා ප්‍රදේශයේ අපහසුවට පත්ව සිටින ජනතාවට සහන මිලට වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වලින් ලබාගන්නා ජලය බවුසර් මගින් අවශ්‍ය ස්ථානවලට ගෙන ගොස් බෙදාහැරීමද සිදු කරන බව සභාපතිවරයා පැවසීය.
පිටිගල පොලිසිය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ස්වේච්චා සංවිධානවල සහාය ඇතිව ප්‍රාදේශීය සභාබල ප්‍රදේශය තුළ පිහිටි පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇතැයි වීරක්කොඩි මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd