(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,734 දෙනෙක් අද (18) දිනයේ වාර්තාවූහ. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,46,936 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතරින් ආසාදිතයන් 24,057 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,516 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,21,145 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ව ආගමික පූජ්‍ය, පූජක පාර්ශවයේ සියල්ලන්ගේම අවධානය පිණිසයි. මේ වනවිට කෝවිඩ් වසංගතය වෙනුවෙන් වසරකට අධික කාලයක් මුළුල්ලේ ඔබගේ විශ්වාසයන් සහ ඇදහීම් අනුව කොරෝනා මර්දනය වෙනුවෙන් ලවුඩ්ස්පීකර් මඟින් උදේ සවස යාඤා, පිරිත්, කවිබණ, ස්තෝත්‍ර විකාශය කළ බැව් ඔබත්, අපත් රටත් දනිමු. එහෙත් පන්සල් අවටත්, පල්ලි අවටත්, කෝවිල් අවටත් ජීවත්වෙන මිනිසුන් දිගින් දිගටම කොරෝනා රෝගයට ගොදුරු වීමත් එයින් මියයාමත් සිදුවේ. එබැවින් එම ක්‍රමය අසාර්ථක බැව් කණගාටුවෙන් වුවත් කියන්නට කැමැත්තෙමු... ! කරුණාකර තව දුරටත් උදේ, සවස අහළ පහළ මිනිසුන්ගේ කන්බෙර පලමින් අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් භාවිතා කිරීම දැන්වත් නවත්වන්න...! එය ශබ්ද දූෂණයකි...! පරිසර දූෂණයකි...! " සංචරණ සීමා පනවා ඇති බැවින් මේ දිනවල බොහෝ දෙනෙක් තම තමන්ගේ නිවෙස්වල කල්ගත කරති. මේ මහා ශබ්ද දූෂණය ඔවුන්ට මහත් හිරිහැරයකි...! එවන් සරල දෙයක්වත් තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැති පිරිසට නිවන මෙන්ම ස්වර්ගයද, මෝක්ෂයද බොහෝ දුර බැව් දැන්වත් තේරුම් ගන්නේ නම් මැනවි..! "