(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය අංශ වල සෙසු කාර්ය මණ්ඩල සඳහා ද අමතර දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
ඒ අනුව සෞඛ්‍ය අංශයේ සෙසු කාර්ය මණ්ඩල සඳහා රුපියල් 7500ක අමතර මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත
ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව තිබේ . කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින වෛද්‍යවරුන් සඳහා අමතරව මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළ අතර ,අමතර දීමනාවක් තමන්ටද ලබාදෙන්නයි ඉල්ලා සෞඛ්‍ය අංශයේ සෙසු කාර්ය මණ්ඩල ද පසුගිය සතියේ විරෝධයක් ගෙන ගියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේ කලින් නොකළේ මන්ද?
අසාධාරණ ලෙස තීරණ ගන්න ආයතන වල කිසි විටෙක ගෞරවනීය සංස්කෘතියක් බිහි වන්නේ නැත. වෙදුන්ට පමණක් සැලකීමේ මුල් තීරණය ඉතා මෝඩ එකක් බව පැහැදිලිය. එකිනෙකා අවිශ්වාස කරන, පිල් බෙදීම් ඇති තැන් වලින් ගුණාත්මක මහජන සේවයක් නොලැබේ. රණ්ඩු දබරවලටම සෑහෙන කලක් අපතේ යයි. බේරුම් කිරීමට කෙනෙක් ඇත්තේ නැත. එකඳු පාර්ශවයක්වත් නීතියට වලංගු නැත. සමහරු ටයි දමාගෙන රස්තියාදු හැසිරීම් පෙන්වයි. සමහරු ඇඳුමට, මේසෙට, කාමරයකට ලෙඩුන් ඉදිරිපිට ගුටි කෙල ගනී. දැන් ඉතින් ලංකාවේ රෝහල් වලින් සේවයක් නොවන්නේදැයි අසමින් සමහරු බනිනු ඇත. නොමිලයේ දෙන නියම සෞක්‍ය සේවය කුමක්දැයි මා ද දැන ගත්තේ ලංකාවෙන් පිට දියුණු වූ රටකට පැමිණි පසුවයි...
මේ වැඩ වර්ජනවල ප්‍රධාන සහ ප්‍රසිද්ධ ඉල්ලීම් තමයි දොස්තරට දෙන රිස්ක් ඇලොවන්සස් එක අපිටත් ඕනෑ. දොස්තරලාට දෙන 70% ගණන්වල පඩි වැඩි කිරීම් අපිටත් ඕනෑ.. ඔන්න ඔය වගේ දේවල්. මෙවැනි අසත්‍ය කරුණු පදනම්ව (වෛද්‍යවරුන්ට ඔය කියන දේවල් අද වනතෙක් ලැබී නැත) දීප ව්‍යාප්ත වැඩ වර්ජන කර සෞඛ්‍ය සේවකයින් නොමග යැවීමේ දේශපාලන කොන්ත්‍රාත්තුව වෘත්තීය සමිති නායකයන් කරගෙන යයි. සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය තරම් ගමනාගමන පහසුකම් තිබේද? කන්න බොන්න විදිහක් තිබේද? ඇති තරම් PPE Masks වැනි දේ තිබේද? යන්න ගැන මේ වෘත්තීය සමිති නායකයින්ගේ උනන්දුව කොපමණ ද? අරගල කර ඔය කියපු දේවල් ලැබී තිබේ ද දැන්? දැ.ගැ.පි.- වෛද්‍යවරුන් ට අමතර පැය සදහා අතිකාල ලැබෙන්නේ දවසකට උපරිමය පැය 4 සීමාවක් යටතේය. අනෙක් සේවකයන්ට වැඩ කරන පැය ඕනෑම ගණනකට අතිකාල ලැබේ. සවස 6 වනවිට වෛද්‍යවරුන්ගේ අතිකාල ලැබෙන උපරිම පැයගණන අවසන් වේ. නමුත් වෛද්‍යවරුන් වැඩ නවත්වා ගෙදර යන්නේ නැත. වාට්ටුවක ඕනෑම වේලාවක ඔන්කෝල් ඩියුටි කරන වෛද්‍යවරයෙකු ඇත. වාට්ටුවලම ජීවත් වන වෛද්‍යවරුන් ද ඇත.... උදා - සීමාවාසික වෛද්‍යවරුන්. වෛද්‍ය වෘත්තිය වෘත්තියකට එහා ගිය උතුම් සේවයකි.
අනිකුත් සුව සේවකයින්ට නොලැබෙන විශේෂිත දීමනාවක් දොස්තරලාට කොරෝනා සමිබන්ධව ලැබී නැත. අනිකුත් කණ්ඩායම් සීමා රහිතව අතිකාල දීමනා ලබද්දී දොස්තර දිනය පුරාවට සේවය කළත් දිනක උපරිමය පැය දෙකක සීමාවට අතිරේක සේවා ගෙවීමට හිමිකම් ලබාදීම වැරදි ලෙස පෙන්වා ඇත. අසත්‍ය අපවාදයකට ලක්වෙමින් හෝ අන් අයට යම් සහනයක් ලබාදීමට දායකවීම සතුටට කරුණකි...
මේ වෘත්තිය සමිති සියල්ලම පණ ඇදගෙන යන්නේ දොස්තරල නිසා. දොස්තරලාට මොකුත් ලැබුණොත් අනේ අපිටත් ඕනෑ කියලා නහයෙන් අඬන්න ගන්නවා බබ්බු වගේ. ස්ට්‍රයිකුත් කරනවා බොළඳ සටන් පාඨ කියකියා. ඔයාලාට වැඩිය අපි වැඩ, ඔයා ලියලා ගියාම අපි තමයි ඔක්කෝම කරන්නේ... හිනාත් යනවා දකින කොට.... එතකොට මොකක් හරි හම්බ වෙනවා. ඊට පස්සේ නිදි... ආයෙත් නැගිටින්නේ දොස්තරලාට තවත් මොකක් හරි හම්බවුණාම... තමන්ට කියලා දෙයක් මේ සංගම් මොලෙන් හිතලා අරගෙනම නැතුව ඇති මේ අවුරුදු ගානටම... සමහරු පාරවල් වල රස්තියාදු වෙනවා යන්න වාහනයක් නැතුව, සමහරුන්ට වාට්ටු වල මාස්ක් නෑ, සමහරුන්ට කෑම ප්‍රශ්නයක් වෙලා. මේ එකක්වත් ඕන නෑ. දොස්තරට හම්බවෙන එකෙන් කෑල්ලක් හම්බවුණාම රටක්, රාජ්‍යයක් දින්න වගේ සංගම් ටික ඊළඟ කෑල්ල එනකං බුදියනවා....