(නිමන්ති රණසිංහ)
සිංහල හා හින්දු අලූත් අවුරුද්දෙන් පසු අයි ඞී එච් රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් වීමේ වැඩිවීමක් සිදුව ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.
කොරෝනා රෝගීන් 150 දෙනකු අද (21) දින වන විට අලූතින් රෝහලට ඇතුළත් වී සිටින බව ද ඔහු සඳහන් කරයි.
ඉකුත් මාර්තු මාසය වන විට රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගීන් ඉතාමත් අවම මට්ටමකින් වාර්තා වී තිබුණද ඉකුත් සතියෙන් පසු එම ගණන වේගයෙන් වැඩිවූ බවත් මේ වන විට රෝහලේ ඇති හදීසි ප‍්‍රතිකාර ඒකක දෙකම රෝගීන්ගෙන් පීරී ගොස් ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.
සිංහල අලූත් අවුරුද්දෙන් පසු මෙම රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගෙන ඇති බවත් එය ඉකුත් මාස දෙකට සාපේක්ෂව ඉහළ වර්ධනයක් බවත් වෛද්‍ය අත්තනායක මහතා ස`දහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අවුරුදු සැපද කාට කාටත්