(අජන්ත කුමාර අගලකඩ)
ශීඝ්‍රයෙන් ඉහල යන කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(23) පස්වරුවේ රැස් වීමට නියමිතය
කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් මේ වන විට හුදෙකලා කර ඇති අතර මේ තත්ත්වය හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට කාර්ය සාධක බලකාය අද පස්වරුවේ රැස් වනු ඇත
මේ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්ඡාවක් පැවති අතර කොරෝනා පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට ද එහිදී තීරණය විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද ඇහැරුනේ...?
ඉක්මන් වුණා වැඩියි වගේ.., අවුරුදු කාලේ වගේ තව ටික දවසක් ඔන්න ඔහේ ඉන්නයි තිබුනේ...
අවුරුදු කාලේ මොනවාද කළේ...? ඔය ගිලින්නේ මහජනතාවගේ මුදල්.රජය දැනුවත්වම ඔය මොකක්ද බළකාය මිනිස්සුන්ට ලෙඩේ බෝකරගන්න ඇරලා ආණ්ඩුවට තියෙන ප්‍රශ්න මිනිස්සුන්ගෙන් මගහැරියා. අවුරුදු කාලේ මීගමුවේ කටානේ සැණකෙළියට සිය ගණනක් සහභාගී වුණා,කිසිම සෞඛ්‍ය නීතියක් පිළිපදින්නේ නැතිව.ඒ බව සමාජ ජාලවල ඕන තරම් ෆොටෝ තියෙනවා.මේවා බොරු නොවෙයි.
කාලකන්නි ආණ්ඩුව ආවත් හරි අපි නැත්තටම නැතිවුණා.
විද්වතුන් කලින් කොච්චර කිව්වද තත්ත්වය හොඳ නැහැයි කියලා . මෙච්චර කලක් ඔය කමිටුව නිදියගෙනද හිටියේ . හැබැයි කියන්නේ නං මම තමයි හොඳටම කරේ කියලා
මේ කාර්ය සාධක බළකාය කොහෙද කොරෝනා මර්ධනය කළේ?
ජනාධිපතිතුමනි, කරුණාකර අවශ්‍ය තීන්දු තීරණ ඉක්මණින්ම ගන්න. නැතිනම්, ඉතා භයානක තත්වයක් උදාවිය හැකිය.
සෑහෙන කාලේකට පස්සේ ඇහැරලා දැන් අපි පෝට් සිටි විස පොල්තෙල් පාස්කු ප්‍රහාර අමතක කරලා ඊළඟ කොරෝනා වලට බහිමු
රටේ කරුමෙටම ආව ආණ්ඩුවක්...