(ඩයනා උදයංගනී)
ඉකුත් 24 පැය තුළ කොරෝනා ආසාදනය වී සිදු වූ මරණ 44ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
මැයි 2 සිට මැයි 20 දක්වා අතර කාලයේ සිදු වූ මරණවලින් මෙම ආසාදිතයන් හඳුනා ගෙන ඇත.
ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 1132 දක්වා ඉහළ ගියේය.
ඇටවිරගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිඳගල, බුලත්සිංහල, හොරණ,ගල්පාත,කුඩාවස්කඩුව, පිහිඹුව,අනුරාධපුරය, මන්නාර,රත්ගම,ඉමදූව මග්ගොන, මතුගම,වේයන්ගොඩ, අතුරුගිරිය,සෙවනගල,මල්ලෑව, කිරිමැටියාව, ඉහළ කටුනේරිය, මහනුවර.පරගස්තොට,උතුරු කළුතර, වලල්ලාවිට, බේරුවල,පයාගල, කොළඹ 12, කොළඹ 02, පොල්ගස්ඕවිට, ගාල්ල, නක්කාවත්ත, රාගම, පන්නිපිටිය, හෝමාගම, නාරංගොඩ, ගනේපොළ, ගොකරැල්ල, අලහිටියාව, හිඳගොල්ල, සහ බණ්ඩාරකොස්වත්ත යන ප්‍රදේශවල පදිංචි කරවෝ වෙති
ඔවුන්ගෙන් 23 දෙනකු වයස අවුරුදු 71 ඉක්මවුවෝ වෙති. වයස අවුරුදු 61 සහ 70 අතර 11 දෙනකුද, වයස අවුරුදු 51 -60 අතර හත් දෙනකුද, 31 -40 අතර දෙදෙනකුද 21 -30 අතර එක් අයකු ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි.
මියගිය අය අතර කාන්තාවෝ 14 දෙනෙක් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් මේ තියෙන්නේ බඩු බනිස් වෙන්නම. මේ ගාණ වුණත් දැන් වැරැදිද කියලා අහන්නේ කාගෙන්ද? දැන් සැපදෝ...!!!
අයියෝ 5000ට තව තියෙනවා. අපි පෝට් සිටි පනත දිනුවනේ ඒ ඇති.
අනේ කවුරුවත් කොරෝනා වලින් මරණයට පත් නොවේවා..!
අවුරුදු වලට නටපු තරමට මේ මදි. මෙහෙම අය ඉන්නේ වෙන කොයි රටේද?
මෑත කාලයේ රටේ සිදුවුණ පරිවර්තන රටට යහපතකට වඩා රටටත්, ජනතාවටත් ඉමහත් අවාසනාවක් වගේ දැන්නම් පේන්නේ..