(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 67දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,508 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 36 දෙනෙක් සහ කාන්තාවෝ 31 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 56 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 10 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක්ද අයෙක් ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මියයන පිරිස එන්නත විදනොගත් අය වෙන්න ඇති.එහෙම නේ කීවේ.එතකොට මේක විදින්න අරන් දැන් කොපමන කල් ද?කොපමන දිනකට පෙර එන්නත් ගත් අයද මිය නොයන පිරිසට අයත් වන්නේ.මෙහෙම ජිවිත වලදාන්න මේ මිනිස්සු කල වර ද කුමක් ද?
දවසකට මිය යන ප්‍රමාණය 100ට වැඩි වුණත් අඩු නැහැ, මේ පොම්ප කරන්නේ පට්ට පල් බොරු...