කොරෝනා වයිරසයට එරෙහිව හදිසි සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීමටත් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි ව ඇත.
කොරෝනා වයිරසයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ශක්තිමත් හා පුළුල් කිරීමටත් ඊට එරෙහිව කඩිනම් ප්‍රතිචාර දැක්වීමටත් ලෝක බැංකුවෙන් මෙම මූල්‍ය සහනය හිමි වේ.
ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට සහාය දීම ද එහි ප්‍රධාන අරමුණකි.
කොරෝනා වයිරසයෙන් බැටකන සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙන්ම දුප්පත් රටවලට සහාය දීමේ අරමුණින් ලෝක බැංකුව මූල්‍ය වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇත.
එහි මුල් අදියර යටතේ දකුණු ආසියාවට මූල්‍ය සහන හිමි ව තිබේ.
එම වැඩසටහන යටතේ පාකිස්තානයට ඩොලර් මිලියන 200ක්, ඇෆ්ගනිස්තානයට ඩොලර් මිලියන 100ක් මාලදිවයිනට ඩොලර් මිලියන 7.3ක් සහ ඉන්දියාවට ඩොලර් බිලියනයක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි ව තිබේ.
ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6ක මූල්‍ය සහනයක් ලැබෙන්නේ ද ඒ අනුවය.
එන්.ඩී.ටීවී ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මදි. ඉන්දයාවට ගොඩයි. අපිට ටිකයි
"රථ ගාය " සදහා කුඩාකල තම මව විසින් "රථ කල්කය" ලබානොදීම හේතුවේ දියවන්නඔයේ " 225 රථ ගාය දරුණු ලෙස වැළදී ඇති බව නොරහසකි ".එබැවින් ඒ ඒ රථ ගාය මැඩලීමට මෙම මුදල් යොදා නොගනු ඇතැයි අප තරයේ විස්වාස කරනවා. අප රටේ මුල් පුරවැසිය විසින් මෙම මුදල් පරිහරණය පිලිබදව ඔහුගේ ඍජු අධීක්ෂණයක් යටතේ රටට පලදායි යමක් සිදුවේ යන්න සියලුම පුරවැසියන්ගේ බලාපොරොත්තුව බවත් සදහන් කරන්නෙමු.
අනේ මේක ජනතාවට කෙලින්ම දෙන්න ක්‍රමයක් නැද්ද ? අපේ බැංකු ගිණුම් අංක ලෝක බැංකුවට දෙමු .
sakunthala, වෙත, ඔබගේ අදහස් කියවීමේදී කුඩා කල වෙරළු කඩාගෙන බෙදා ගැනීමේදී මතුවුණු ගැටළු හා බැදී ඒ සුන්දර අතීතය මතකයට එනවා... කුඩාකල අප " ලද දෙයින් සතුටුවීමට " මැලිකමක් දැක්වූ බවත් අවංකවම සදහන් කරන්නෙමු.
හරි දැන් මේකෙන් මිලියන 5 ක් සාර්ක් එකට දුන්නම 123.6 ඉතුරුයි නෙ. අර ලේකම්ල ගොඩක් කියල තිබුනෙ අපේ "ප්‍රමානය" සලකා බලලා නෙමෙයි අපි මිලියන 5 දුන්නෙ, මාලදිවයින ලක්ශ 2 ක් දුන්නට අපි මිලියන 5 ක් දුන්නෙ මොන එක බලලද දන්නෙ නැහැ ? දැන් ලෝක බැංකුව අපිට ඇයි වැඩියෙන් දෙන්නෙ නැත්තෙ ? එතනදි අපේ "ප්‍රමානය" බලල තියෙනවා වගේ ?
ඔය මුදල් කොහොමද වියදම් කරන්නේ කියල මහා ජනතාවට පෙන්නුම් කලානම්.
එක වෙලාවකට "UN" එකට සහ "WHO" පලු යන්න බනිනවා. සල්ලි දෙනකොට ප්‍රශ්නයක් නැහැ
අනාගතයේ දවසක ජනතාවනි මට සමාවන්න යයි මේ රටේ ස්වෙච්චා අරමුදල කට සිදුවූ අකරතැබ්බයක් සම්මබ්න්ධව හිටපු අගවිණුසුරු වරයකුට කීමට සිදු වූ දේම මෙම මුදලටත් වේවිද.
අනේ .....ගසාකන්න නම් ඉඩ තියන්න එපා ...එපා... කලින් ගසාකාපුව අපි ආයේ අහන්නේ ම. නැහැ මේ සියලු මුදල් ජනතා යහපතටත් රටේ යහපතටත් යොදවන්න.
ලංකාවේ හැම කෙනෙක්ටම සාධාරණව බෙදුවොත් මට ලැබෙන්නේ රු 1145/- .. වැඩක් නැහැ ඔය ටිකත් ස්විස් බැංකු වලම ඩිපොසිට් කලත් කමක් නැහැ.
මේ සල්ලිවලටත් වෙන්නේ , සුනාමි සල්ලිවලට් වෙච්චදේම තමයි ..
තවත් හෙල්පින් හම්බන්තොටක් නොවේවා
හා... හා.... සුනාමි සල්ලි වගේ කවුරුහරි තන්හා කාරයෙක් මේකත් හොරකම් කරයි. එවපු ගමන් අපිට දන්වන්න කියන්න.
ඕවා ගත්ත වගේ නෙවේ ගෙවන්නතන් ඕනේ නිකන් නොවෙයි පොලියත් එක්ක. අපි කවද්ද ණයට/ පිනට කන එක නවතන්නේ?
ජනාධිපතිතුමනි, කරුණාකරලා මෙය ඔබේ අනුදැනුමෙන් පමණක් කරන්න. නැත්තං අනිත් හැමදාම වුණා වගේ මේකටත් එහෙම වෙයි...
දැන් ඔය හැංගිලා ඉන්න දේශපාලුවෝ එළිියට එන්න පටන්ගනියි.
මේකත් අර සුනාමි බහිරවයා ගිල්ලා වගේ වේවිද කියන්ඩ බැහැ. ජනතාවගේ ලේ උරා බොන දුශිත දේසපාලුවෝ ඉන්න රටක් වෙච්චි. ජනතාවට කෙසේ වෙතත් දුශිත පවුල්වල ඉන්න උන්ට නම් සෙතක් වේවි.
කියවන ඔබටත්, මටත් එක රුපියලක්වත් ලැබෙන්නේ නැත. ඇත්ත එයයි.
ලෝක බැංකුවේ ලොකු මහත්මයාණෙනි, දැන් මම ඔය මුදල් නිදහස් කරන්න එපා. එනිසා මිනිහා චන්දෙන් පැරදුනාම, අලුත් ලොක්කෙක් ආපුවම ගන්න ඔය සල්ලිටික ඔයාම පරිස්සමට තියාගන්න. බොහොම ස්තුතියි. මිට රටවැසියා...
ඔය සල්ලි ටික පරිහරණය කරන්න හැමෝටම භාර දෙන්න එපා. ඒකට හොඳ පුරුද්දක්, විශ්වාශවන්තව කටයුතු කරන්න පුලුවන් මහත්වරු දෙපොලක් ලංකාවෙ ඉන්නවා. එක්කෙනෙක් ගැන හිටපු අගවිනිසුරු තුමෙකුත් සමාව ඉල්ලලා තියෙනවා. අනෙක් මහත්තයා මල්වාන පැත්තේ ගෙයක් හදලා, මගේ නොවෙයි අනේ මට නම් ඒක එපාම කියලත් කිව්වා.
මේවා කාගේ හරි සාක්කුවට යන්න එපා කියල කියමු.