(ඩයනා උදයංගනී)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනක කාලයේදී රටට ලැබුණු සියලු ණය හා ආධාර පිළිබඳ සියලු විස්තර ඇතුළත් වාර්තාවක් මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ ආකාරයට මාර්තු, අප්‍රේල්, මැයි මාසවල විදේශීය රටවල්, රාජ්‍ය , ආයතන, පුද්ගලයින්ගෙන් ලැබුණු මූල්‍ය ආධාර, රාජ්‍ය ණය, ප්‍රදාන, උපකරණ ණය, සෞඛ්‍ය සේවා සැපයුම් යනාදිය පිළිබඳ සියලු විස්තර එහි ඇතුළත්ව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී එම වාර්තාව ද මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරමිනි.
එය මාධ්‍ය වෙත ලබාදීමට තමන් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය, රතු කුරුස සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධාන ඇතුළු වෙනත් සංවිධානවලින් මෙන්ම මහජන චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, මැලේෂියාව වැනි රටවලින් ලැබුණු ද්‍රව්‍ය හා මූල්‍ය ආධාරත් එහි ඇතුළත් බව කී අමාත්‍යවරයා විපක්‍ෂය කියන අයුරින් උතුරා යන ආධාර ප්‍රමාණයක් රටට ලැබී නැතැයි ද ප්‍රකාශ කළේය.
ලෝක බැංකුවෙන් ලැබී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 128 ක් පමණක් බව ද අමාත්‍යවරයා කීවේය.
මෙයින් එක් ඩොලරයක් හෝ ගසාකෑමේ අවශ්‍යතාවක් රජයට නැති බව කී ඇමැතිවරයා රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය මූල්‍ය විනිවිද පෙනෙන ආකාරයෙන් හැසිරවීම බව ද ප්‍රකාශ කළේය.
වගකිව යුතු රජයක් ලෙස එම ආධාර යොදවන්නේ ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් පමණක් බව ද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් එක් ඩොලරයක් හෝ ගසාකෑමේ අවශ්‍යතාවක් රජයට නැති බව කී ඇමැතිවරයා" ඔන්න බලළා මල්ලෙන් පැන්නා. ඔබතුමා කීයකට කෙලියද...?
මෙයාලගේ වාර්තා ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.අතීතයේ කරපු දේවල් අපිට හොදට මතකයි.
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. ඇත්තම කියයි. විරුද්ධව ප්‍රශ්න අහන්න කව්රුත් නෑනේ. මොකට කියනවද ?
අපි නොදන්න මොනරතැන්න...
හොරාගේ අම්මට යතුරු දීලා...
හොරු 40 විස්තරය අලි බබාට..!
හොරු කවද්ද ඇත්ත කිව්වේ...?
ලැබිච්ච ආධාර ප්‍රමාණයට වඩා ඒවා වියදම් කලේ කොහොමද? කාගේ බැංකු ගිණුම් වලටද ගියේ කියන එකයි අපිට වැදගත්...
මේ මුදල් වහාම කොරෝනාර් කියලා කොම්පැනියක් හදලා බාර දුන්නානම් අති විශිෂ්ටයි.
ඔය කයිවාරු වැඩක් නැහැ. ඔය කියන වාර්තාව මීළඟට පත්වෙන නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අන්න ඒකයි නියම විනිවිද භාවය.
වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව මළගෙයක් බවට පත්කළ සුනාමි ව්‍යවසනය වෙනුවෙන් ලෝකප්‍රජාව දැවැන්ත ආධාර ප්රදානය කළ බව මුළුරටම දන්නා කරුණකි. මමත් එයට මගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වුනෙමි. නමුත් ඒවා අවශ්‍ය අයට සොච්චමක් දී වැඩිහරියක් ලොක්කන්ගේ මෙන්ම ඔවුන්ගේ නෑදෑයින්ගේ බැංකු ගිණුම්වලට බැරවූ බව තවමත් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ නිසා වෙන්න ඇති ආචාර්ය වරයා "ගඟ හත් ගව්වක් තියා අමුඩේ ගහන්න" වලිකන්නේ !!!