
‘කොවිඩ්-19’ කළමනාකරණයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව කළ කාර්යභාරය නිල වශයෙන් අගය කළ යුතු යැයි ඉන්දීය යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා අද (13) පැවැසීය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනාවකට අනුව ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා සිවු දින නිල සංචාරයක් සඳහා ඊයේ (12) මෙරටට පැමිණියේ ය.
ඉන්දීය යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා, පැලවත්ත අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ අද (13) සංචාරයක නිරත විය.
එහිදි සම්ප්‍රදායනුකූල වර්ණවත් කඳවුරු සම්මාන සහ සම්මාන ආචාර මුරයක් ඉන්දීය යුද හමුදා මාණ්ඩාලික ප්‍රධානියා වෙත පිරිනැමිණි.
ඉන් අනතුරුව යුද හමුදාපති කාර්යාලයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහත්වරුන් අතර සාකච්ඡා පැවැත්වුණු අතර සාකච්ඡාවලින් අනතුරුව සමරු හුවමාරු කරගැනීමක් ද සිදුවිය.
ඉන්දීය යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිණි.
මෙම සංචාරය අතරතුර දී අනුරාධපුරයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ශ්‍රී මහා බෝධිය ඇතුළු තවත් ආගමික ස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට ද නියමිත ව ඇත.
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නාරාවනේ මහතාගේ නිල සංචාරයේදී සාලියපුරා පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වැනි සංවත්සරය සඳහා සහභාගී වීමට නියමිත ය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ )





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හමුදාව ඉතාමත් ප්‍රශංසනීයව කෝවිඩ් පාලන වැඩ කටයුතුවලට සහභාගි වුණා...
ඔබට මතකද අර සුමන්තිරන් දියවන්නාවේ දී අපේ හමුදාව මේ එන්නත් කරණය කරනවා අන්තිම සවුත්තුයි කියාලා පලු යන්න බැනපු හැටි. ඒ මදිවාට හමුදාපතිටත් හොඳටම බැන්නා. දැන් වත් කුහක කම උන්ටම තේරේවි.