(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොරෝනා රෝග පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් පත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.
මේ වන විට කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති බව තමාට දැනගන්නට ලැබී තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය ඇමතිවරිය සමග කතා කොට නොපමාව උපදේශක කාරක සභාව පත්කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.
ඊට පිළිතුරු දෙමින් සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කොට ඉක්මනින් පිළිතුරක් ලබාදෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ගොන්නු ගැනද ඔය කියන්නේ? අනේ නිකන් කණ පලාගන්නේ නැතිව යන්න... !!!
හා හරි... කතාකරලා කියන්නකෝ... අපි මැරිලා ඊළඟ ආත්මෙවත් විසඳුමක් ලැබෙයිනේ...
මේ වනවිට කොරෝනා රෝග පාලනය සෞඛ්‍ය පාලනය කළ නොහැකි මට්ටමට පත්ව ඇත. සෞඛ්‍ය බලධාරීන් පසෙකට දමා දේශපාලන බල අධිකාරිය සියල්ල ඔවුන් යටතට ගැනීමේ ප්‍රතිඵල කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී යාමෙන්ම පෙනෙන්නට ඇත. ලංකාවේ සිදුවන්නේ දේශපාලන බලාධිකාරියට අවශ්‍ය පරිදි සෞඛ්‍ය බලධාරීන් වැඩකිරීමට සිදුවීම නිසා මෙම තත්වය හට ගෙන ඇත. දෙවනුව රටේ ජනතාවට පළමු එන්නත ලබාදී දෙවන එන්නත ලබාදීමේදී නිසි වේලාවට එම එන්නත ලබා දුන්නේද කියා විශාල ගැටළුවක් ඇත. එන්නත් මගින් නිසි ප්‍රමිතිය සහ ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට නම් සති 4ක් සහ සති 12ක් ඇතුළත එන්නත ලබාදිය යුතුව ඇත. නමුත් ලංකාවේ ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නත එය එසේ සිදුවීද? එසේ ලබාදුන් එන්නත් මගින් ජනතවට නිසි ප්‍රමිතියක් ලැබේද? කොවිඩ් වෛරසය මේ වනවිට වසර දෙකකට කිට්ටු කාලයකි. ලංකාවේ එන්නත ලබාගැනීම සඳහා නිසි ක්‍රමව්දයක් සහ ව්‍යුහය සකසා නොතිබීම නිසා ඉදිරියේදී එන්නත් දෙකම ලබාදුන්නද ගැටළු ගණනාවකට ජනතාවට සහ රජයට මුහුණ දෙන්නට සිදුවේ. මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය ඇමතිවරියගෙන් ප්‍රශ්න කළයුතුවේ. මෙය ජනතා ප්‍රශ්නයකි. සත්‍ය රටට හෙලිකිරීම සෞඛ්‍ය ඇමතිවරියගේ වගකීමකි.
දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා, සෞඛ්‍ය ඇමැතිණියගේ සෞඛ්‍ය ක්‍රමවේදයන් අසාර්ථක නිසා තමයි මේ සඳහා වෙනත් ඉක්මන් ක්‍රියාමාර්ග ගතයුතු වන්නේ... සාකච්ඡා කරකර ඉන්න කාලයක් නැහැ. සීඝ්‍රයෙන් ලෙඩුන්ගේ හා මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙනවා. ඒ නිසා කරන දෙයක් හැකි ඉක්මණින් ප්‍රමාදවීම් වෙන්න වෙන්න මියයන සංඛ්‍යාව වැඩිවෙනවා...
ඔයා දන්නේ ඕක තමයි.. කමිටු පත් කරන්නයි, කොමිෂන් පතිකරන්නයි තමයි. අන්තිම කාලෙ හරි රටට වැඩක් කරන්න අපේ සල්ලි කාබාසිනියා නොකර...
ඔය කමිටු පත් කර කර ඉඳලා අන්තිමේ ඇඳන් හිටපු වස්තරෙත් නැතුව ගෙදර ගියා .මේ හදන්නේ තියෙන ආණ්ඩුවටත් ඒ ටිකම කරන්නද
මෙයා කියන්නෙ එයාගෙන් උපදෙස් ගන්නම කියලනෙ