(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කෝවිඩ් පොකුරු සහ අනු පොකුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම කියා සිටියේය.
පුද්ගලයන් අතර ගැවසීමේ දී සහ පොදු ප්‍රවාහන සේවයේදී මුඛ ආවරණ පැළඳීම ,සමාජ දුරස්තභාවය පවත්වා ගෙන යාම අනිවාර්ය බවත් එසේ නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නා බව ද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයෝ ටික පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න හදන්න එපා මහත්තයෝ... දීර්ඝ සති අන්තයේ මිනිස්සු රට වටේ සවාරි යනවා කියලා දැනගෙනත් අඩුම පළාත් මට්ටමින්වත් රට වහන්නේ නැතිව බයිලා කියවන්න එපා.
අජිත් මහත්තයා, බස් වල කොන්දොස්තර මාස්ක් දන්නේ නැත්තන්, පොල් පටවනවා වගේ පටවාගෙන යනවා නම්, බස් එකට මාස්ක් එක හරියට දාන්නේ නැතුව නගිනවා නම් ඒවට විරුද්ධ වෙලා ක්‍රියා කිරීමට අනික් මිනිස්සුන්ට අවසර දෙන්න... මොකද ඕවා පොලීසියෙන්, පළාත් සභාවේ බස් චෙක්කරන මහත්තුරුන්ගෙන් වෙන්නේ නෑ. අර නුවර එළියේ මාස්ක් දාන්න කිව්ව මිනිහාට ගැහුවා වගේ දැන් මාස්ක් දාන්නේ නැති කට්ටියට එහෙම සලකන්න වෙන්නේ අපිට.. නැත්තං 3 වැනි රැල්ල නවත්තන්න බැරි වෙයි..
හුගිය උත්සව සමයේ මුළු රටම කොරෝනා නීති කැඩුවා. ඔහෙලා ඇස් පියාගෙන හිටියා දැන් මොනවාද මේ කතා
ඇස් ඇරලා බලන්න... සල්ලි, බලය තියෙන මීහරක් කොච්චර නීති කඩනවද කියලා. ඒත් නීති ක්‍රියාත්මක කළොත් ඔයත් ගෙදර ඕකයි දැන් වෙලා තියෙන්නේ..
අළුත් අවුරුදු දවස් වල සීමා පනවන්නේ නැතුව මිනිස්සුන්ට මී හරක් වගේ හැසිරෙන්න ඇරලා දැන් වැඩේ වන වුණාට පස්සේ මොනවා කරන්නද මහත්තයෝ...? අපි හැමදාමත් කලේ යමක් සිදුවෙන තුරු බලා ඉඳලා පසුව ඒ ගැන කියව කියවා හිටපු එකම නේද..? අපේ මිනිස්සු මාස්ක් එක දාන්නෙත් බයික් වල යද්දි හෙල්මට් දානවා වගේ තමයි. පොලීසිය දැක්කොත් තමයි මාස්ක් එක මතක් වෙන්නේ... ඒක දාන්නේ ඇයි කියලා හිතන්නේ නෑ.
ඔයාගේ නීති කොහේද අප්පා ක්‍රියාත්මක වෙන්නේ. බැලුවොත් කොරොනා නීති කඩකරන තැන් ඕනෑතරම්... ඒත් ඔය නීති කොහෙද ක්‍රියාත්මක වෙන්නේ...?
කටානේ අවේන්රා පාටියේදී ඔයා කොහෙද හිටියේ? ඒවාට අත දමන්න බයයි නේද?