IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා දෙවැනි රැල්ලෙන් පරෙස්සම් වෙන්න’යි වූහාන් වැසියන්ට අවවාද

නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්නැයි ද නගර බලධාරීහු නියෝග කර ඇත.

ආසාදිතයන්ගේ ගණන ක්‍රමයෙන් අඩුවීමත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමටත් හැකි වූ බව සඳහන් කරමින් එම නගරයට සහ එම නගරය අයත් හුබෙයි පළාතට පනවා තිබූ සීමා ඉවත් කිරීමට චීන බලධාරීහු මීට දින කිහිපයකට පෙර පියවර ගත්හ.

කෙසේ නමුත් හුබෙයි පළාතට සහ වූහාන් නගරයට පැමිණෙන සංචාරකයන්ගෙන් වයිරසය ව්‍යාප්ත වීමේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති වී ඇතැයි චීන බලධාරීහු අනතුරු අඟවති. එබැවින් නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරමින් විමසිල්ලෙන් සිටින්නැයි ද චීන බලධාරීහු වූහාන් නගර වැසියන්ට නියෝග කර ඇත.

වයිරසයේ ව්‍යාප්තියත් සමඟ වූහාන් නගරය මාස දෙකකට කාලයක් සම්පූර්ණයෙන් වසා දැමීමටත් හුබෙයි පළාතට දැඩි සීමා පැනවීමටත් චීන බලධාරීහු පියවර ගත්හ. සිකුරාදා දිනයේදී වූහාන් නගරයෙන් නව ආසාදිතයන් 31 දෙනකු සොයාගත් අතර ඉන් 29 දෙනකුම පිටතින් පැමිණි අය බව චීන බලධාරීහු කීහ. වයිරසය හේතුවෙන් සිකුරාදා දිනයේදී පමණක් වූහාන් නගරයෙන් 4 දෙනකු සොයාගත් බව ද ඔවුහු කීහ.

රොයිටර්ද ගාඩියන් 

055



අදහස් (0)

කොරෝනා දෙවැනි රැල්ලෙන් පරෙස්සම් වෙන්න’යි වූහාන් වැසියන්ට අවවාද

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 155 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site