(නිමන්ති රණසිංහ)
කොවිඩ් රෝගීන් 3500කට ආසන්න පිරිසක් දිනකදී වාර්තා වුවද, එවැනි තුන්ගුණයක් සමාජයේ සිටිය හැකි බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඒ අනුව සමාජයේ සිටිය හැකි මෙම පිරිසෙන් කොරෝනා ආසාදනය තවදුරටත් පැතිරීම සීග්‍ර විය හැකි බවත්, මේ අලුත් කොරෝනා ප්‍රභේදයෙන් මරණ තව තවත් වැඩි විය හැකි බවත් ඇය සදහන් කළාය.
මේ හේතුවෙන් ජනතාව අනිවාර්යෙන්ම වගකීමෙන් කටයුතු කළ යුතුව ඇති අතර, අනිවාර්යෙන්ම සති දෙකක් හෝ රට වසා දැමිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරියක වශයෙන් තමන් නිර්දේශ කරන බව ද ඇය පැවසුවාය.
මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඇය වැඩිදුරටත් මෙසේ පැවසුවාය. “ඊයේ තුන් දහස් පන්සියයක රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා. හැබැයි සමාජයේ මීට වඩා රෝගීන් ඉන්න පුළුවන්. 3,500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන්. මේ අයගෙන් තවදුරටත් සමාජය තුළ පැතිරීම සිදුවෙන්න පුළුවන්. ජනතාවට ගෙවල්වලට වෙලා ඉන්න කිව්වත්, ඔත්තේ ඉරට්ටේ දවස්වල යන්න කිව්වත් ජනතාව වැඩි වශයෙන් පාරවල්වල ඉන්නවා. පාරවල් හිස්වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ. මේ පැතිරීම වළක්වා ගන්න නම් ගෙදරටම වෙලා ඉන්න ඕනේ. මේ වසංගතය ගැන තොරතුරු ජනතාවගෙන් වසන් කරන්න ගියොත් අපිත් වසන් වෙලා යයි.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙටියෙන් කිවහොත්, මනුස්ස ජීවිතයද, ආර්ථිකයටද පළමු තැන දිය යුත්තේ කියන දෙය හරිහැටි අවබෝධ කරනොගත් ආකාරයට යට යන බව මනාව පැහැදිලි වේ. මෙවැනි කාලයක මෙරට ජීවත්වන්නට සිදුවීම ජාතියේම අභාග්‍යයකි. මිනිසුන්ට මේරට තිත්ත වී ඇත. ඒ මිනිසුන් ගොනාට ඇන්දවී හමාරය. තමන් හිසට තම අතමය සෙවනැල්ල යන්න හොඳින් තහවුරු වී ඇත.
"තොරතුරු ජනතාවගෙන් වසන් කරන්න ගියොත් අපිත් වසන් වෙලා යයි.“ මේ උන්දැගේ මෙම කියමන 1000% නිවැරදිය...බලයේ හිටපු මෙන්ම බලයේ ඉන්න සහ අනාගතේ බලය ලබාගැනීමට පට්ටපල් බොරු කියන "සියලුම මිහරකුන්ට" පොදු බව සදහන් කරන්නෙමු. එබැවින් කරන්නේ කුමක්ද ඒ කරන දෙය මහජනතාවගෙන් වසන් නොකර කිරීමට වග බලාගන්නා ලෙස "දියවනාව පට්ටියේ මිහරකුන් 225 ම" සදහන් කරන්නෙමු.
එක හරි කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාත්‍යන්තර ගෙමක්
ඕවා කියලා අපේ සර්ගෙන් බැනුම් තමයි අහන්න වෙන්නේ...!!!
එතකොට මැතිණිය, වෛද්‍ය පබා පලිහවඩන, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් වසං වුණොත් වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් වසං කළෙත් මේ විදියට කොරෝනා තොරතුරු වසං කරන්න ගිය නිසාද?
ජනාධිපතිතුමනි, කරුණාකර වෛද්‍යවරු කියන දේට කන්දෙන්න. බොහෝ මිනිසුන් තාමත් ඔබ ගැන විශ්වාසය තබාගෙන ඉන්නේ. එම විශ්වාසය බිඳ දමන්න එපා.
සෞඛ්‍ය ඇමැතිකමත් එම විෂයය දන්න වගකීමක් ගන්න පුළුවන් මෙවන් වෛ්‍යෛවරියක් දැන්වත් පත්කරන්න.
මේ නෝනා ශල්‍ය වෛද්‍යවරියක් වුණාට සැත්කම් කරපු බව අහලා නැහැ. ඕක දෙන්න හොඳ දොස්තර ප්‍රසන්න ගුණසේන වගේ පලපුරුදු අයෙක්ට...
කවුද කෙනෙක් කියනවා රෝග මර්ධනයට වඩා ආර්ථිකය රැකගැනීම අවශ්‍යයි කියලා. අාර්ථිකය රැකගන්න කලින් මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕනෑ කියලා මොවුන්ට තේරෙන්නේ නැද්ද?
අපේ ගරු ඇමැතිතුමා වසන් කළෙත් ඔය විදිහටද?