(අමදෝරු අමරජිව)
කොවිඩ් ආසාදිත ගැබිණි මවක් අද උදෑසන කන්තලේ රෝහලේදි සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරිමට යෑමේදි මියගිය බව ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පැවසීය.
මුතුර් පාටාලිපුරම් පදිංචි මෙම ගැබිනි කාන්තාව සිය පස්වන දරු ප්‍රසූතිය සදහා මුතුර් මුලික රෝහලට ඇතුලත් ක< අවස්ථාවේදි කොවිඩ් 19 ආසාදිතව සිටි නිසා වැඩිදුර ප්‍රතිකාර සදහා කන්තලේ මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු සීසේරියන් සැත්කමින් මෙලෙස මෙම කාන්තාව මියගොස් ඇතැයි අධ්‍යක්ෂවරයා කීහ.
සීසේරියන් සැත්කමින් උපත ලද දරුවා කන්තලේ මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කිරිම සදහා නිලධාරියකු පත්කල බව අධ්‍යක්ෂවරයා පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd