(යොහාන් භාසුර)
මෙම වසරට 'කොවිඩ්' මර්දන එන්නත් ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 76 ක් හෙවත් රුපියල් කෝටි 7600 ක් අවශ්‍ය වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
යුරෝපය සහ ඇමරිකාව මේ වන විටත් 2022 සහ 2023 වසරවලට ද 'කොවිඩ්' මර්දන එන්නත් ඇනවුම් කරමින් සිටින බවත් 'කොවිඩ්' මර්දන එන්නතේ මාත්‍රා කීපයක් දිය යුතු බවට එම රටවල් විශ්වාස කරනවා වියහැකි බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ 'කොවිඩ්' මර්දන කමිටුවේදී ප්‍රසන්න ගුණසේන මහතා මේ බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොච්චර වියදම් කලත් අපිට එන්නත් නැහැ. සමහර ගෙවල් වල ඉන්න ඔක්කොම අයට එන්නත් දෙනවා. ඒත් දිනපතා කොළඹ යන රැකියා කරන බොහෝ පිරිසක් අනතුරුදායක ලෙස නොසලකා. හැරලා.
කෝටි 7600 නෙවෙයි ප්‍රශ්නය. ඩොලර් නැති එක. ඊලඟට රසායනික පොහොර තහනමි කරාම අඩු වන ආහාර ආනයනයට පොහොර ආනයනයට වැඩි වියදමක් සමග රසායනික පොහොර යෙදූ විදේශ නිශ්පාදන ආහර කාල නැවත වස විස ඇඟට ඇතුල් කර ගමු. එතකොට වස විස නැති කතාව කෙරෙනවද?
සැපවාහන ටිකක් ගන්න තිබ්බ සල්ලිනේ මේ වැඩකට නැති දේවල්වලට වියදම් කරන්න වෙලා තියෙන්නේ...
කෝටි 2533ක් කොමිස් කොහොමද ඒක? වෙන රටවල් ඇමෙරිකානු ඩොලර් 10ක් ගත්තු එක අපි ගන්නේ ඇමෙරිකානු ඩොලර් 15ට...
කොහොමද කොරෝනා එන්නත්වලට විතරක් කෝටි 76000ක්... අනික් මැෂින් වලට? කොහොමද උන්ගේ මොලේ..? අපේ සල්ලි කිසිම කරදරයක් නැතිව ගන්න හැටි...