(අජන්ත කුමාර අගලකඩ)
සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජනා වී ඇත.
කොවිඩ් මර්දන සිනොවැක් එන්න ත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්,පසුගිය දා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබුණු අතර චිනයේ සිනොවැක් බයෝටෙක් සමාගම ,කෙලුන්ලයිෆ් සයන්සස් සමාගම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව එම එන්නත් නිෂ්පාදනය කිරීමට තීරණය වී ඇත.
එන්නත් ලබා ගැනීමට ලොව පුරා දැඩි තරගයක් ඇති වී තිබෙන බැවින් ඊට පිළියමක් ලෙස මෙම එන්නත් ලංකාවේ නිෂ්පාදනය කිරීමට රජය අපේක්ෂා කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන දෙයක් ඉක්මණට කරන්න..
ලංකාවේ එන්නත් හදලා ඉවර වෙනකොට ගහන්න වෙන්නේ මිනි වලවල්වලට තමයි. මොන ජෝක් කතාද මේ? මීට වටා දියුණු රටවලටවත් බැහැ.. තමන්ගේ රටේ හදාගන්න අල්පෙනිත්තේ සිට පිටින් ගේන ලංකාවේ පාලකයින් කියනවා අධි තාක්ෂණ එන්නත් හදනවලු පල්ලෙ කැලේ...
සුපිරියක් තමයි, ගේම ගහගෙන යන්න...
මොන මෝඩ විහිළුද මේවා? මේක හදන්න තව අවුරුද්දක්වත් යයි. එතකම් අපි ඉන්නද?
මේ කොම්පැනිය ගොඩක් කල් පටන් ගෙන, ගිය රජය මේක කාලා දැම්මා. ලංකාවේ ඉන්න දේශපාලකයින් කප්පම් ගන්න එක මල මිනියෙනුත් කරනවා. හැම එකාම, ලෝකෙට පෙනෙන්න හොඳ මුහුණ පෙන්වනවා.. ඇමැතිලාත් එහෙමයි, ඔවුන්ගේ කුට්ටිය ඕනේ මයි. මේ සක්කිලි හින්දා ඉක්මනින්ම මේ රට අප්‍රිකාවට වඩා අන්ත වෙනවා.
ලංකාවේ නිෂ්පාදන කටයුතු කරනවා නම් ඒවායේ ප්‍රයෝජනය අපටමයි. පසුගිය කාලයේ රජයන් විසින් හැමදේම ලාබ නිසා පිටරටවල් වලින් ගෙන්නුවා. දේශීය කර්මාන්ත විනාශ කිරීමේ අයහපත් ප්‍රතිඵල අපටම විඳින්න සිදුවෙලා තියෙන බව දැන් පැහැදිලියි. ලෝක වසංගතයත් සමග අපට අවශ්‍ය දේ අපිම නිෂ්පාදනය කළානම් මෙවැනි දේවලට සාර්ථකව මුහුණ දෙන්න තිබුණා. දැන්වත් මේක තේරුම්ගෙන අපට අවශ්‍ය දෑ අපිම නිපදවා ගන්නවා නම් වඩා යහපත් රටක් නිර්මාණය කරගත හැකිවෙනවා.
සොනෝෆෝම් එකක්... සිනොවැක් වෙනම එකක් හොඳේ...
එහෙම දෙයක්වත් හරියට වෙනවා නම් හොඳයි. සමහරක් වැඩ පටන් ගත්තු තැනම නතර වුණා. මුල්ගල් තිබ්බ තැන්වල ගසුත් පැළවෙලා... දේශපාලුවන්ගේ සාක්කුවලට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙනවා නම් වැඩේ ගොඩ...
චීනා ඒකෙනුත් අපිට කටුව ගහලා තමයි නවතින්නේ....
ඔය මාතෘකාව වැක්සීන් එක හදන්න යෝජනා කරලා තියෙනවා කිව්වා නම් හොඳයි නේද?
සිනොවැක් එකට who එක අනුමැතිය දීලා නැහැ නේද තවම...?
ඕකේ ලංකාවේ නියෝජිතයා ආණ්ඩුවේ හැම ව්‍යාපෘතියකම එකම කොන්ත්‍රාත්කරුවා වන දිලිත් ජයවීරගේ ජෝර්ජ් ස්ටුවර්ට් තමයි ඉතින්... එතැනින් එහාට කොමිස් ගැහිලි ගැන හිතා ගන්න. නිරෝධායන බිස්නස් එක නැති වෙනකොට අලුත් එකක් සෙට් කරලා දෙනවා. නැතුව මේ මිනිස්සුන්ට ආදරේට කරන දෙයක් නෙවෙයි.
හදයි.. හදයි... පොල්තෙල් ටික ප්‍රමිතියකට ගේන්න බැරි අය, කෝච්චි පීල්ලේ වෙලාවට යවන්න බැරි අය .. මේ එන්නත හදයි හරි අපූරුවට.. ඇත්තටම මම කැමැතියි හදනවා නම් ඒත් ඉතින් මේ අයව සත 05කට විශ්වාස කරන්න බැහැ.
එන්නත් නිෂ්පාදනය කරන රසායනාගාරයක් නොවේ... ඕක චීනෙන් තොග පිටින් ගෙනැල්ලා මෙහෙදී කුප්පිවලට පුරවන තැනක් කියලයි හිටපු එක්කෙනා කියන්නේ...
හැමදේටම සොයා නොබලා විරුද්ධ වීම දැන් ජාන වලටම කිඳා බැහැලා.. ඔවුන්ට හරියන්නේ පැකනිල් විතරමයි..
ඕනෑම දේකදී අවංක බව තිබුණොත් අමාරු නෑ. රටේම දේවල් හදන්නේ නැති එකේ අමාරුකම තවත් තේරුම් ගන්න බැරිද?.
රෙද්ද පෙන්නුවාම ඒක මිලදීගෙන, කපලා, මහලා, ඇඳගන්න ඔච්චර හදිසි වෙන්න එපා මහත්වරුනි... පෝර්ට් සිටි එකේ සැර බාල වෙනවදත් බලමුකෝ...!!!
හදනවා නෙමේ.., තොග වශයෙන් ගෙනැල්ලා පොඩි කුප්පිවලට අසුරන එක කරන්නේ... ප්‍රති සැකසුම් බයියන්ට හොඳයි.. මොකද ඔවුන් කියන හැමදේටම අැන්දෙනවානේ.. හදන්නේ නෑ