IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිතයෙකු සිටි හෝටලයක සේවකයන් 2 ක් රෝහල් ගතකෙරේ

(අනීෂා මානගේ)

කොවිඩ් - 19 වයිරසය ආසාදිත සංචාරක මගපෙන්වන්නකු නවාතැන්ගත් බව කියන තංගල්ල ගොයම්බොක්කේ සංචාරක හෝටලයක සේවකයන් දෙදෙනකු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් අද (1) රෝහල්ගත කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.

විදේශික සංචාරකයන් පිරිසක් සමඟ තංගල්ලට පැමිණි බව කියන මෙම මගපෙන්වන්නා ඉකුත් 15,16 සහ 17 යන දිනවල දී තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳි සිටි බවට අනාවරණය වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.  

කොළඹ ප්‍රදේශයේ පදිංචි මොහුගේ  සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (31) කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණ.

මෙම මගපෙන්වන්නා නවාතැන්ගත් සංචාරක හෝටලය ඊයේ (31) දින සිට තාවකාලිකව වසා දැමීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පියවර ගත් අතර එම හෝටලය විෂබීජහරණය කිරීම අද (1) සිදුකෙරිණි.

මෙම හෝටලයේ සේවකයන් දෙදෙනකු අද (1) දින වන විට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව වෛද්‍ය ජගත් ගජධීර මහතා පැවසීය.

 



අදහස් (0)

කොරෝනා ආසාදිතයෙකු සිටි හෝටලයක සේවකයන් 2 ක් රෝහල් ගතකෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site