(යොහාන් භාසුර)
’ඩෙංගු’ වයිරසය යළිත් හිස ඔසවීමේ දැඩි අවදානමක් තිබේ යැයි ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
මෙම මස තුළ ඩෙංගු රෝගීන් 628 ක් හඳුනාගෙන ඇති බවත් ඩෙංගු රෝගය හේතුවෙන් මරණ හතරක් සිදුවී ඇති බවත් වෛද්‍ය අරුණ ජයසේකර මහතා කියයි
වෛද්‍ය අරුණ ජයසේකර මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
‘‘ජූනි සහ ජූලි මාසවලයි වැඩිම ඩෙංගු රෝගීන් හමුවන්නේ කොළඹ දිස්ත්රික්කයේ් ඩෙංගු රෝගීන් වැඩි වීමක් වාර්තා වෙනවා. මෙම වර්ෂයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 7535 ක් වාර්තා වෙලා තියෙනවා. මේ මාසයේදී ඩෙංගු රෝගීන් 628 ක් වාර්තා වුණා. මේ මාසයේ කොළඹ දිස්ත්‍රික් පමණක් ඩෙංගු රෝගී 200 ක් වාර්තා වෙලා තියෙනවා.
මෙම වසර තුළ මේ දක්වා මරණ 4 ක් වාර්තා වෙලා තියෙනවා. වාර්ෂාවත් සමඟ මේ තත්වය ඩෙංගු ව්‍යප්ත වියහැකි බවට අනතුරු ඇගවීමක් බවට පත්ව තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරේ පිටට මරේ. ඩෙංගු මදුරුවාටත් පේන්නැද්ද රටට වෙලා තියෙන විපතක තරම...?
ඩෙංගු රෝගීනුත් කොරෝනා ගිණුමට බැර වෙයිද දන්නෑ. දැන් වෙන රෝගවලින් මිනිස්සු මැරෙන්නේ නැහැනේ..
වැඩක් නැහැ ඕවා ගැන කතා කරලා, කොරෝනා බොරුවට දෙන තැනක් මදුරුවන්ට දුන්නා නම් හරි.
වෛද්‍යවරුන් අනතුරු ඇඟවීම කරද්දී අපගේ යුතුකම රෝගයෙන් ගැලවීම සඳහා ලබාදෙන උපදෙස් පිළිපැදීමයි. බෝවෙන රෝග පහසුවෙන් වළක්වා ගැනීමට හැකිවන්නේ තම තමන් වගකීමෙන් කටයුතු කිරීමෙන් බව මගේ හැඟීමයි.
ආර්ථිකය වැටෙනවා කිය කියා බයිලා ගහනවා. රටේ සෞඛ්‍යය අන්තයටම පිරිහෙනවා. මේ විදිහට ගියොත් මිනිස්සු නිරෝගීව හිටියොත් නේද රටේ ආර්ථිකය දියුණු වෙන්නේ. මේවා තේරුම් ගන්න බැරි කණ්ඩායමක් අද රටේ ඉහළ ස්තරයේ ඉන්නේ.. රටේ ජනතාවගේ අවාසනාව.