
(සුජිත් හේවාජුලිගේ )
රජයේ නිලධාරීන් හා වෙනත් වගකිවයුතු නිලධාරීන් අනවශ්‍ය ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කොරෝනා පිළිබඳව ජනතාව තුළ අනියත බියක් ඇති කිරිමට කටයුතු නොකළ යුතු බවත් යම් ප්‍රශ්නයක් ගැටලුවක් වේ නම් ඒ ගැන සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මෙතෙක් තමා තීරණ ගනු ලැබුවේ ද ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව යැයි පැවසූ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද අවධාරණය කළේය .
ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ දී ඊයේ( 21) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී ය
සංචරණ සීමා පවතින කාල සීමාවන් හිදී ජනතා අවශ්‍යතා සපුරාලීමට සියලු පියවර ගන්නැයි ජනාධිපතිවරයා ඇමතිවරුන්ට හා රජයේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.
වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බවද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා පාලනය සඳහා සංචරණ සීමා පනවා ඇති අවස්ථාවන්හිදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට වග බලා ගන්නයි මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ප්‍රාදේශීයව ජංගම සේවා යොදාගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදා හැරීමට පියවර ගන්නැයිද අදාළ අංශවලට දැනුම් දුන්නේය.
සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්තශාලා හා ඖෂධ අලෙවිසල් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවත් බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවැසුවේය.
රාජසන්තක කෙරුණු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබා දෙන ලෙසටත් සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට රැකියා ලක්ෂය සදහා බදවා ගත් පිරිස යොදා ගන්නා ලෙසටත් මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා කෘෂි කාර්මික කටයුතු, සියලු නගර වල කුණු කසළ ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කටයුතුවලට සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බවද පැවැසුවේය.
මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවසරපත් නිකුත් කිරීමටත් මාර්ග මෙහෙයුම් සඳහා පොලීසියේ සහයට යුද හමුදාව යෙදවීමටත් මෙහිදී තීරණය කෙරිණ.
ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් යොදා ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ආසාදිත සේවකයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාල ආයතනවලට පවරන ලෙසට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා එන්නත් කරන වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය .
රටවල් කීපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවල දී මෙරට ලැබීමට නියමිතව ඇතැයිද මෙම සාකච්ඡාවේදී සඳහන් විය.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ,බන්දුල ගුණවර්ධන,නාමල් රාජපක්ෂ රමේෂ් පතිරණ ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරු ද කොරෝනා මර්ධන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ශශේන්ද්‍ර රාජපක්ෂ ,මහාචාර්ය චන්න ජයසුමන යන රාජ්‍ය ඇමැතිවරු ද පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගයන මහත්වරුද යුද හමුදාපති ශවේන්ද සිල්වා මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු ද සෞඛ්‍ය අංශ ප්‍රධානීහු සහභාගී වූහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂඥයෝ කියන ඒවා මායිම් නොකර පණ්ඩිත තීරණ අරගෙන ඉන්නේ මෝඩ දේශපාලුවෝ... දැන් කියනවා කෙළින්ම කියන්නලු.. කෙළින්ම කිව්වාම තඹේකට ගණන් ගන්නවද? ඔක්කොම තමන් දන්නවා කියලා හිතාගෙන ගොන් තීරණ නොගෙන දැන්වත් හරි විශේෂඥයින්ගෙන් උපදෙස් ගන්න.. ඔය බූරු ඇමැතිවරුන් පැත්තකට දාලා.
ගොඩක් කියපු අය ඉන්නේ වෙන රටවලට පැනලා... එහෙම නැතිනම් හිරේ...
සුදර්ශනී නෝනට නැහැ කිව්වේ ජනපතිතුමා... මම ඊයේ ප්‍රතිචාර දැම්මා ඔය ගැන.... අපේ සර් ඕකට බනියි කියලා...!!!
අවුරුද්දට කරපු වැඩේම වෙසක්, පොසොන් එකටත් දුන්නොත් නරකද?
වෛද්‍ය සංගම් පෙන්වා දී ඇති අන්දමට සති දෙකක් රට වැසීම සුදුසු බව බහුතරයකගේ මතය වී ඇත. ජීවිත ජීවත් කරවීමෙන් පසුව ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත හැකිවනු ඇත.
අයියෝ සර් ඒ මොන රාජ්‍ය පාලනයක්ද? මේක රාජාණ්ඩුවක් නොවේ.. ඒ ඒ ක්ෂේත්‍රවල අදාල අය ඒ අයගේ වගකීම ඉෂ්ඨ කළ යුතුයි. ඔබතුමාගේ පරණ රටේ එහෙම නේද? හැබැයි හිටපු ජනාධිපතිතුමා රාජ්‍ය නිලධාරින් එහෙම කරයි කියලා හිතුවට ඔවුන් එහෙම කලේ නැහැ. ඒකයි පාස්කු ප්‍රහාරය සිදු වුණේ. දැන් නිලධාරින් තමන්ගේ වැඩේ හරියට කරන විට එහෙම කරන්න එපාලු...
දැන් අවුරුද්දක් තිස්සේ කියලා කරපු හැටි දැක්කනේ.? තව කියලා මීටත් වැඩිය මිනිස්සු මැරෙන එක විතරයි වෙන්නේ..
සෞඛ්‍ය උපදෙස් ටිකවත් හරිආකාරව දැනගන්න තිබුණු එකත් නැතිවන පාටයි.
මම නම් හිතන්නෙ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඊට පස්සේ ජනපතිතුමාට කියන එක හොඳයි.. මොකද එතකොට ජොබ් එක හරි බේරෙනවනේ...
ගොනෙකුට කියලා වැඩක් නැහැ කියලා හිතෙනවා ඇති... !!
මහලොකු විරුවා... රට ඉවරයි...
ජනපති කියන්නේ විශ්ම කර්මයෙක්ද? එහෙමත් නැත්නම් සියල්ල දත් කෙනෙක්ද? කැළෑ නීතිය කාලේ සුදු වෑන්, ඝාතන, අතුරුදහන්, මිනී මෝරු මතක් වෙනවා. කිව්වොත් හොන්දට හිටී. අන්තිමට වෙන දේත් බලාගන්න බැරිවෙන එකක් නැහැ.
දැන් පරක්කු වැඩියි. හැමෝම මාධ්‍ය සංදර්ශන තියෙනවා.
මෙතන අදහස් දක්වන අයගෙන් මම අහන්න කැමතියි ආණ්ඩුව හැම දෙයක්ම කල යුතුයි මතයේ ඉන්න ඔබ මේ වසංගතයෙන් රට මුදාගැනීම කෙසේවෙතත් තමන් හෝ තම ආදරණීයයන්ගේ ආරක්ෂාව ගැන සිතා හෝ මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග. මම ජීවත්වන ප්‍රදේශය දැනට දින 10ක් තිස්සේ වසා තිබෙන්නේ. නමුත් බොහෝ දෙනා හොර පාරෙන් නගරයට යනවා. ඉතින් කොහොමද රට මුදවාගන්නේ? ස්වයං පාලනයක් ඇති කරගෙන තමන්ගේ වගකීම් කොටස නිසි ලෙස ඉටුකළා නම් කාටවත් දෙස්-දෙවොල් තියමින් කාලය කන්න ඕනෑ නෑ...
සුදර්ශනී ඇමතිනිය හැර මේකට සහභාගි වෙලා ඉන්නේ පැණි පස්සෙයි, මුට්ටි පස්සෙයි දුවපු හරක් රැලක්නේ... ඒකෙන්ම හිතාගන්න පුලුවන් රටට වෙන දේ...
ආඩම්බරයෙන් ඉදිමිච්ච, තමන් හැම තිස්සේම හරියි කියලා හිතන, දීපු පොරොන්දු කඩකරපු, මිනිසෙකුට උපදෙස් දීමෙන් ඵලක් වේවිද?
ඇයි ගාමිණි ලොකුගේට දැනුම් දෙන්න එපාද?
තමුන්නාන්සේට උපදෙස් දෙන්නෙත් දේශපාලන හෙංචයියන් විදිහට ඉන්න මිනිස්සු. සහ හමුදාව. බලය දීලා තියෙන්නේ හිතුවක්කාර ලෙස තමන්ම නිවැරැදියි කියලා හිතලා හිතුවක්කාර තීරණ ගන්න නොවේ. මෙයාලගේ සෞභාග්‍යයේ දැක්ම රට කෑවා.. බහුතර ජනතාව මේ ආණ්ඩුවට බනිනවා. ජීවන වියදම අහස උසට ගිහින්.. පාලනයක් නෑ රටේ. පාර්ලිමේන්තුවට වඩා හමුදාව ගැන ජනාධිපති විශ්වාස කරන්නේ. ලොක් ඩවුන් කළා නම් මීට මාසයකට පෙර මේක පාලනය වෙලා. අද රට විනාශ වෙමින් යනවා. ඒ අස්සේ මිනිස්සුන්ට කොරෝනා ගැන කියන්න එපා කියලද කියන්නේ. ඉතිහාසයේ දුර්වලම පාලනයක් මේ යන්නේ...
කටිං පුටිං...
මොනවද මේ කියන්නේ?
අනියත බියක් ඇති කරන්න එපාද? පිස්සු කතා මිනිස්සු මේ රෝගයට බියක් දක්වන එක හොඳ දෙයක්... එතකොට ආරක්ෂා වෙන්න බලනවා... මේක වසංගත විද්‍යාෙව් මූලධර්මයක් රෝගයක් ගැන පුද්ගලයාට දැනෙන හැඟීම අනුව තමයි... ඒක වළකාගන්න ප්‍රතිචාර දක්වන්නේ... අයියෝ රටට වූ දෙයක්...
කලමණාකරුවන් නොමැති තත්වයක ජනතාව දැනුවත් කිරීම නිවැරැදි ක්‍රියාවක්...
කරන්න පුළුවන් කෙනෙකුට රට බාරදීලා ඔබ ඔබේ රටට තියොත් හොඳයි නේද?
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඔය කියන්නේ ඇත්තමද? මෙච්චර කල් වැඩ කරේ විශේෂඥ උපදෙස් මතද ? එහෙනම් අපට ඉන්නේ අපූරු විශේෂඥයෝ ටිකක් (වෙන්නත් ඇති අර ඉංග්‍රීසි පත්තර කාරියක් ඉස්සරහ සම්පූර්ණ "කොර" අය නොවැ ඉන්නේ 1). නැත්නම් ඔබතුමා කියන දේ අසත්‍යයක් කියලා පිළිගන්න වෙනවා..
මාධ්‍යයට වලට කළින් මට කියන්න. මම ඔක්කොම වැඩ පැත්තකට දාලා ගමේ ගිහින් ගමේ මිනිස්සු පුද්ගලිකවම දැනුවත් කරන්නම්...!!!
මම දැක්කා අපේ ආදිවාසී නායකතුමා මේ ඊයේ පෙරේදා කියල තියෙනවා" හේනේ පඹයෙක් හිටවලා වල් ඌරන්ට බනින්න එපා" කියලා. මන් මේ දස අතේ කල්පනා කරන්නේ මොකද්ද ඒ කතාවේ තේරුම කියලයි. අපිට තේරෙන්නේ නැති යම් යම් දේවල් එතුමාට තේරෙනවා ඇති මගේ හිතේ.