(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ දි හා ඉන් පිටතදී හැසිරිය යුතු ආකාරය සහ කොරෝනා නීති සම්බන්ධයෙන් ඔවුන්ට යළි සිහි කැඳවීම් කෙරෙන නිවේදනයක් කතානායකවරයාගේ උපදෙස් අනුව ඉදිරි දිනවල නිකුත් කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
කථානායකවරයාගේ නිවේදනයක් හැටියට මෙය නිකුත් කෙරෙන බවත් මෙම නිවේදනය සෑම මන්ත්‍රීවරයකුගේ ම මැති සබයේ මේස මත තැබීමට කටයුතු කරන බවත් වේත්‍රධාරිවරයා කීය. පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් පදනම් කරගෙන මෙම නිවේදනය නිකුත් කිරීමට කථානායකවරයාගේ හා පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ උපදෙස් ලැබී තිබෙන බව කි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොරෝනා නීති සම්බන්ධයෙන් ද මැති ඇමැතිවරුන් මෙහිදී විශේෂයෙන් දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
මේ අතර කොරෝනා රෝගයට අදාළ සෞඛ්‍ය නීති අකුරට අකුරටම පිළිපදින ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එහි කාර්ය මණ්ඩලයට ද දැනුම් දුන් බව වේත්‍රධාරිවරයා වැඩිදුරටත් කීය .
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් එම දැනුම්දීම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සකටවත් පාසලකට ගියේ නැති ඔය ඌරුරැලට ඔය උපදෙස් පිළිපදින්න මොලයක් කොයින්ද...? නමුත්.. හොරාකන්න, මිනීමරන්න, මහජනයාගේ බදු මුදල් හොරකම් කරන්න, කැලෑ කපන්න, හොරෙන් වැලි ගොඩදාන්න, කොමිස් ගහන්න, .. වැනි දේවල් උපදෙස් නැතත් බොහොම වැදගත්, වෘත්තිය නිපුන ආකාරයකින් කිරීමට උපන් හපන්කමක් ඇති අය දියවන්නාවේ ඌරු කොටුවට දැක්කීමට දායක වූ 69 ලක්ෂයක්වූ මෝඩ බයියන්ට කොරෝනා දෙවියන්ගේ බැල්ම ලැබේවා..!!!