( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල වැවේ මත්ස්‍යයන් එක් වරම මිය යාමට පටන් ගැනීම හේතුවෙන් බරපතළ පාරිසරික ගැටළුවක් උද්ගතව ඇති බව ජනතාව පවසති.
දැනට සති දෙකක පමණ කාලයක සිට මේ ආකාරයට මසුන් මිය යන බවද මේවනවිට මසුන් මරණයට පත්වීම ඉහළම තත්ත්වයකට පත්ව ඇති බවද දිනපතාම මසුන් විශාල සංඛ්‍යාවක් මියගොස් වැවේ පාවෙමින් තිබෙන ආකාරය දැකගත හැකි බවද ජනතාව පවසති.
විශාල ප්‍රමාණයේ කාෆ් වර්ගයේ මසුන් සහ ලූල් මසුන් මෙසේ මිය යමින් සිටින අතර මිය යන මත්ස්‍යයන්ගේ දුර්ගන්ධය හේතුවෙන් වැව අසල පදිංචිකරුවන් සහ ශාරිරික ව්‍යායාම සඳහා පැමිණෙන පිරිස් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැවෙන් ජලය පානය කරන ජනතාව ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්න.