(නිමල කොඩිතුවක්කු)
හමුදා සාමාජිකයන් තුන්දහසක් පමණ මරා දැමූ බවට ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු වන කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුව ඇතැයි දෙමල ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා කොළඹදී පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති ඇතුලු ආණ්ඩුවේ ප්‍රධානීන් වහාම රට හමුවේ සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයිද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ අද(22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දෙමල ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.
“අපේ රටේ ජාතික ප්‍රශ්නයක් තිබෙනවා. ඒක පදනම් කරගෙන සන්නද්ධ අරගලයක් සිදුවුණා. ඒ නිසා වසර 30ක යුද්ධයකට මුහුන දෙන්න සිදුවුණා. සන්නද්ධ ක්‍රියා අමතක කරලා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එක්ක රට එකතු කරලා ශ්‍රී ලාංකිකයන් ලෙස එක ගමනක් යන්න සමගි ජනබලවේගය විදියට අපි කටයුතු කරනවා. තමන් කොටි සංවිධානය තුළ සිටින අවස්තාවේදි හමුදා සෙබලුන් 3000ක් මරා දැම්මා කියලා කරුණා අම්මානා දැන් ආඩම්බර වෙනවා. මෙයා වෙනම කණ්ඩායමකින් තරඟ කලත් එයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියෙක්. එයා රාජපක්ෂලාගේ ලෙෆ්ටිනන් කෙනෙක්.
මේ අය තමන් කරපු ඝාතන ගැන ආඩම්බර වෙනවනම් මේක කොතනින්ද කෙලවර වෙන්නේ. මේ විදියට ශ්‍රී ලංකාව හදන්න පුලුවන්ද. මේ ප්‍රකාශ සිදුකිරීම් වහාම නවත්වන්න කියලා ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුලු ආන්ඩුවේ ප්‍රධානීන්ට අපි කියනවා.කරුණා කියනවා කියලා ලිස්සලා යන්න බැහැ. කරුණා කියන්නේ ඔබලාගේ මිනිහෙක්. ඔහු ආණ්ඩුවත් එක්ක ඉන්න නිසා ආණණ්ඩුව මේ ප්‍රකාශයේ වගකීම ගන්න ඕන. වහාම මේ ගැන ආණ්ඩුවේ ප්‍රධානින් උත්තරයක් ලබාදිය යුතුයි. ගොඨාභය මහත්තයා මහින්ද මහත්තයා මේකට දෙන උත්තරය අපි බලාගෙන ඉන්නවා.
මේක මේ රටේ දෙමළ ජනතාවගේ මතය නෙමෙයි. අද වනවිට දෙමළ ජනතාව මේ සන්නද්ධ අරගලය අමතක කරලා එකම රටක් විදියට හිතලා ඉස්සරහට යනවා. වැරදිලා හරි අපේ පැත්තේ කෙනෙක්ගෙන් මොනවහරි කියවුනානම් රට ගිනි තියලා. අපේ ආණ්ඩුව කාලේ අපි රට එකතු කළා. මේ වගේ අයත් එක්ක ආණ්ඩු කරන්න පොහොට්ටුවට අද ලැජ්ජ නැති වෙලා තියෙනවා.
එක්සත් ජාතික පක්ෂය අද පාලු ගෙයක් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දෙමළ ජනතාවගෙන් විශාල පිළිගැනීමක් තිබුනා. දැන් ඒ පිළිගැනීම සම්පූර්ණයෙන්ම එතුමන්ට අහිමි වෙලා තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ එතුමාට තිබුණු විශ්වාසය දැන් සජිත් ප්‍රේමදාස මහතාට ඇතිවෙමින් තිබෙනවා.මගේ පක්ෂයෙන් මම අවුරුදු ගානකට කලින් එලියට දාපු කණ්ඩායමක් සිරකොත මන්දිරයට කැඳවලා වඩාගෙන මල්මාලා දාලා ඡායාරූප ගෙන මාධ්‍යවල පළකලා. අපේ පක්ෂයෙන් එලියට දාපු අයට අධිකරණයේ නඩුවක් තියෙනවා. මේ කරන වැඩ ගැන අපි ලැජ්ජා වෙනවා.
මේ අය එක්කන් ගියේ රවී කරුනානායක මහතායි. පුලුවන්නම් උතුරු කොළඹ ආසනය දිනලා පෙන්වන්න කියලා අපි රවී කරුණානායකට අභියෝග කරනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපි උතුරු කොළඹ ආසනය උඩින්ම දිනනවා' යැයිද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ 2000ක් 3000ක් තමන් විසින් මැරුවා කියා කෙනෙකු කිසිදා බොරුවට ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. ඒත්, ඒ කියමනත් සුළුවට හිතා කරුණා අම්මාන්ව නිදොස් කරන්න ලියන සමහර දෙනා උත්සාහ කොට තිබෙනු පෙණුනා. ඒක මෝඩකම මිශ්‍රවු දේශපාලන අන්තවාදී පහත් මානසිකත්වය. අප ලියන්නේ කිසිදු දේශපාලනයකට බරව නොවේ.. මරා දැමූ අපගේ ජීවිත ගැන සිතා ලිවීමයි වැදගත් වන්නේ.. කෝ මේ රටේ සේනාධිනායක හා හිටපු අයගේ මේ ගැන ප්‍රකාශ..? කෝ හමුදා බලධාරීන්ගේ ප්‍රකාශ.. ඔවුන් සෑම දෙනා මේ ගැන රට දැනුවත් කළ යුතුයි.. එය ඔවුන්ගේ වගකීම..
එතකොට මහත්තයෝ, ඝාතනය කළ අනික් ඉතිරි අයට අපිද වගකියන්න ඕනේ...?
ආණ්ඩුව වගකිවයුත්තේ එම අපරාධවලට දඬුවම් නොදීම පිළිබඳවයි. නමුත් එම යුද අපරාධකාරයින් එක්ක ඩීල් දාපු සුමන්දිරන් සහ ඩයස්පෝරාව සුවසේ ඉඳීම කාට අනුමත කළ හැකිද? ජවිපෙට ලැබුණු දඬුවම මොකක්ද? ලසන්තලාට, තාජුඩීන්ට, ප්‍රේමකීර්තිට, රිචඩ් දි සොයිසා ඇතුලු දහස්ගණනකට යුක්තිය ඉටු වුණාද? මේවා විහිලු විතරයි. අන්තිමට පාඩුව මැරිච්ච අයගේ පවුල්වල අයට විතරයි...
ඔයාලගේ ආණ්ඩුවෙන් කොටින්ට ආයුධත් දීලා හමුදාව ඝාතනය කළා අමතකද? ජවිපය කාලේ හමුදාව ඝාතනය කළ සිදුවීම් වලට කව්ද වගකියන්නේ?
මේ ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ.. කරුණා කියන්නේ තස්ත්‍රවාදියෙක් විතරක් නෙමෙයි, නැගෙනහිර පළාතේ LTTE නායකයා... අනිවාර්යයෙන් ඔහු ත්රස්ත්රවාදී ක්‍රියා කළා.. හිටපු ජනාධිපති ප්‍රේමදාස අණපරිදි පොලිස් නිලධාරීන් 600ක් ආයුධ අතෑරලා කොටින්ට යටත් වුණාම ඝාතනය කලේ මොහු ඇතුළු කණ්ඩායම තමයි.. ඊට පස්සේ ඔහු තස්ත්‍ර සංවිධානයෙන් අයින් වෙලා රජයේ හමුදාව සමග එකතු වෙලා කොටින්ට විරුද්ධවම සටන් කළා. ඔහු සමග ඔහුගේ කණ්ඩායම පවා හමුදාව එක්ක එකතු වුණා. මේ දවස්වල නැගෙනහිර පළාත ඉතා ඉක්මණින්ම අල්ලා ගන්න එක ලොකු උදව්වක් වුණා. ඒ දවස්වල අද ඔය කෑ ගහන අයම තමයි කිව්වේ කරුණා කඩලා ගත්තේ යූඑන්පී එක කියලා. එදා දකුණේ මිනිස්සුන්ට කරුණා වීරයෙක් වුණා.. ප්රභාකරන් මැරුණාම මිනිය අඳුරගන්න යන්නේ කරුණා. ඔහු අදටත් කොටි හිතවාදීන්ගේ ලොකුම හතුරා.. වැඩේ කරගන්නකොට එකෙක්ටවත් ඕවා මතක් වුනේ නැහැ..
ඡන්දය ගන්න කරුණාගේ ප්‍රකාශයක්...
බ්රිෙග්ඩියර්ලා, මේජර්ලා, ගම්මන්පිලලා... කොහේද ඉන්නේ... ?
කරුණාත් අර ජූලම්පිටිය අමරෙ, තංගල්ලෙ ප්‍රා. සභාපති වගේ මහින්ද මහත්මයා නිස්කාරණේ ඔලුව උඩ තියාගත්ත කුණුගොඩක්... යුද්දෙදී එයාගෙන් ගන්න ඕනේ වැඩ ටික කරගන්න පැත්තකට දමන්නේ නැතිව. පොලිස් නිලධාරින් 600ක් ඝාතනය කළ, දළදා මාලිගාවට බෝම්බ ගහපු, හමුදා නිලධාරින් දහස් ගණනක් මරන්න අණදීපු, කොටියෙක් මොන එහෙකට දේශපාලනේට ගේනවද? කාලෙ මාරුවුණත් කොටියා කොටියාමයි. දැන්වත් සුදුසු දඬුවමක් දීලා හිරේ දමන්න. නැතිනම් සිංහල බෞද්ධ ඡන්ද ලක්ෂ ගාණක් පොහොට්ටුවට නැතිවෙනවා.