
රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීමට සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කළ යෝජනාවට කෘෂිකර්ම අමාත්‍යංශය එකඟතාවය පළකළේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමඟ ගොවිජන මන්දිරයේදී අද(27) පැවැත්වූ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
වත්මන් පාසල් දරුදැරියන් අතර මන්දපෝෂණය, අධිපෝෂණය වැනි පෝෂණ ඌනතාවයන් පවතින බවද, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝග ව්‍යාප්තිය ද ගැටලුවක් බව පෙන්වා දුන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලධාරීහු ඊට පිළියමක් වශයෙන් වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල්වලින් කැඳවීදුරුවක් ලබා දීම වඩාත් වැදගත් බව පෙන්වා දුන්හ.
ඒ අනුව, පාසල් දරුවන්ට සහල් කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩසටහනේ ශක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය සංගමයේ අයගේ දරුවන්ට කිරි දීලා රටේ දරුවන්ට කැඳ පොවන එක නම් හරිම ෂෝක්... කඩල, කව්පි, මුං වගේ ධාන්‍ය වර්ග අපේ දරුවන්ට ඇලජික් කියලා වෙන්න ඇති මේ වෛද්‍ය සංගම් වල අය හිතාගෙන ඉන්නේ...
දැන් එතකොට භද්‍රානි දොස්තරලාටත් වඩා දන්නවා වගේනේ... කිව්වොත් කියන්නේ අනුවණ කතාවක්... මුංඇට, කවුපි වගේ දේවල් ගැන කතාවෙලා නැහැනේ... ඒවා හොඳ නැහැ කියලා කවුරුවත් කිව්වේ නැහැනේ... ඔයාට හිතෙන හිතෙන දේවල් කියලා වැඩක් නැහැනේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ උපුටා ගැනීමක්... කිරි බොන දරුවන්ගේ ශරීරය වර්ධනය වුවත් බුද්ධිය වර්ධනය වෙන්නේ නැහැ. ඒත් ධාන්‍ය හා පැළෑටි වර්ග අනුභව කිරීමෙන් නිරෝගී, බුද්ධිමත්, ශක්තිමත් ජීවිතයක් ලැබෙනවා කියලා තමයි ඇමෙරිකානුවන්ගේ පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙන්නේ...
එළකිරි මෙන් නොව සහල් කැඳවල ප්‍රෝටීන් හා කැල්සියම් ඉතා අඩු ප්‍රමාණයක් අඩංගු වන නමුත් වැඩි කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතයක් ඇති බැවින් එය දියවැඩියාව ඇති අයට සුදුසු විකල්පයක් නොවේ. වර්තමානයේ කුඩා ළමුන් අතර පවා දියවැඩියාව බහුලව පවතී. සහල් කැඳ හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් ද නොවේ. සහල් නිෂ්පාදනයක් වැඩිපුර ආහාරයට ගැනීම අකාබනික ආසනික් මට්ටම නිසා ළදරුවන්ට හා දරුවන්ට සෞඛ්‍ය අවදානමක් ඇති කරයි. මේ සරල කාරණය නොදන්නා අය දොස්තරලා වුනේ කොහොමද කියන එකයි මට තියන ගැටලුව... සමාජයක් සුව කරනවාට වඩා, ලෙඩ කරන එක පොකට් වාසියිනේ නේද?
ඡන්ද වලට කලින් නම් කිරි විතරක් නෙමෙයි, පැණිත් දෙන්න තමයි කට්ටිය කතා කලේ.. කැඳවත් ලැබුණොත් ලොකු දෙයක්. කැඳ බිස්නස් එක කරන කට්ටියට හරි වාසියි. කොරෝනා කාලේත් කැඳයි, දුම්මුට්ටියි විකුණුවා. දැන් ඉස්කෝලේ ළමයින්ට බලෙන් කැඳ පොවනවා. මේ කමෙන්ට් එකට ගොඩක් අය අකමැති වෙයි. හැබැයි ජාති ආලෙයි, හෙල බොදුකමයි ගැන තප්පුලාගෙන ඉන්න අය චැනලින් වල ගිනිකන හැටි දන්න අය නම් දන්නවා...
අපේ මුතුන් මිත්තෝ, වීරයෝ, පණ්ඩිතයෝ... රජදරුවෝ.. හැඩිදැඩි වුණේ ගොන් කිරි බීලා නෙමෙයි නේද? මොනවද ඔය කතා..