IMG-LOGO

කිරි කළයට ගොම මුසුකරන්නෝ

බක් පුර පසළොස්වක පොහොය දිනයේ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබිය දී එදින සවස සිට රාත්‍රිය දක්වා මහියංගනය පොලිසියේ නිලධාරීන් පිරිසක් සොරබොර වැව් තාවුල්ලේ මත්පැන් සාදයක් පවත්වා ගී ගයා විනෝදවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කළ බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

කොරෝනා මාරාන්තික වයිරසයේ සැහැසි ග්‍රහණයෙන් මේ රට මුදා ගැනීමේ අනවරත මෙහෙයුමේ අතිශයින්ම කීර්තිමත් කාර්යභාරයක් පොලිස් නිලධාරීහු ඉටු කරති. ඔවුහු විසි හතර පැය පුරාම මහ මඟ මාර්ග බාධකවල දුක් විඳිති. පොදු මහ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කැප වී ක්‍රියා කරති. ඔවුන්ගේ එම කැපවීම නොවන්නට කොරෝනා මාරාන්තික වයිරසයට එරෙහි මෙහෙයුම මෙතරම් ප්‍රගතියක් නොලබන බව ඒකාන්ත සත්‍යයකි.

පොලිස් නිලධාරීන්ගේ කැපවීම මුළු මහත් ජාතියේම පැසසුමට ලක් විය යුතුය. එමෙන්ම සාතිශය බහුතරයක් ජනයා තම පැසසුම නිර්ලෝභිව පොලිස් දෙපාර්තමේන්තුවට පුදති. එම පැසසුම තවදුරටත් රට වෙනුවෙන් කැපවීමට ඔවුන් දිරිමත් කිරීමකි. සොරබොර වැව් තාවුල්ලේ රාත්‍රී සාදයක් පැවැත් වූ මහියංගන පොලිසියේ නිලධාරීන් සම්බන්ධ පුවත කිරි කළයට ගොම බිංඳුවක් නොව ගොම හට්ටියක් දැමීමකි.

‘වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමුද ඒ දුක’ යනුවෙන් කියමනක් ජන වහරෙහි එයි. නීතිය ආරක්ෂා කිරීමේ වගකීම පොලිස් නිලධාරියා සතුය. පොලිස් නිලධාරියාගේ වගකීම වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමය. විශේෂයෙන්ම මේ මොහොත යනු ඉතිහාසයේ මෙයට පෙර කිසි දිනෙක හමුනොවූ දවස්වලින් පිරී පවතින්නකි.

ගෝලීය වසංගතයක ගොදුරක් බවට අප රටද පත් වී තිබේ. ලොව බොහෝ රටවල මෙම රෝගී තත්ත්වයෙන් මිය යන සංඛ්‍යාව ටැක්සි මීටරයක් බවට පත්ව තිබේ. ලොව බලගතු ඇතැම් රටක කොරෝනා මාරාන්තික වයිරසයෙන් දිනකට මිය යන සංඛ්‍යාව දහස ඉක්මවයි.

අප රට අධි වසංගත තත්ත්වයට ගොදුරු නොවනු ඇතැයි පුරෝකථන කළ නොහැකිය. සැබැවින්ම එය තීරණය කිරීමේ අසමසම බලය රටේ පුරවැසියා සතුය. එම පුරවැසියා යන වචනය තුළ පොලිස් නිලධාරියා ද සිටී. ඔහු කිසි ලෙසකින් හෝ පුරවැසි වගකීමෙන් අත් මිදුණු අයකු නොවේ. පුරවැසි වගකීම් සෙසු පුරවැසියන්ටත් ඉහළින් ඉටු කිරීම පොලිස් නිලධාරියකුගෙන් අපේක්ෂා කරන බව පොලිස් නිලධාරියාට ගෞරවයක් ලෙස සටහන් කර තබමු.

කොරෝනා මාරාන්තික වයිරසය සම්බන්ධයෙන් අවශ්‍ය මට්ටමින් දැනුම්වත් වීමට තවත් කල් අවශ්‍ය නොවේ. රට පත්ව ඇති අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය මට්ටමින් තමන් දැනුම්වත් වී නැතැයි යමකු පවසන්නේනම් ඒ තක්කඩියෙකි. ප්‍රශ්නය වන්නේ සොරබොර වැව් තාවුල්ලේ රාත්‍රී සාදයක් පැවැත් වූ මහියංගන පොලිසියේ නිලධාරීන් පිරිස එබඳු තක්කඩියන් පිරිසක් ද යන්නය.

සොරබොර වැව් තාවුල්ලේ රාත්‍රී සාදය පැවැත් වූ දිනය ද විශේෂිතය. එදින බක් පුර පසළොස්වක පොහොය යෙදී තිබිණි. දෙවැන්න එදින මුළු රටේම ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. පොහොය දිනයේ බාර් වසා දැමේ. එළිමහනේ මත්පැන් සාද සපුරා තහනම්ය. ඒවා වැටලීමේ වගකීම පැවරෙන්නේ ද පොලිසියටමය. මහියංගනයේ දී ඒ නීතිය කඩකර තිබෙන්නේ ද පොලිස් නිලධාරීන් පිරිසක්මය. ‘වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමුද ඒ දුක’ යන්න සිහිපත් වන්නේ එම පරිසරය තුළය.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව, සැක රෝගීන්ගේ සංඛ්‍යාව පමණක් නොව නිරෝධායනයට ලක්වූ සංඛ්‍යාව ඉක්මවා යන පිරිසක් සිටිති. ඒ ඇඳිරි නීතිය කඩ කළ පිරිස් වෙති. නීතියට අවනත නොවන අනීතික අවිනීත පිරිස් බහුලවීම නළල රැලි ගැන්වීමට හේතුවකි. ඒ අනුව සොරබොර වැව්තාවුල්ලේ බක් පුර පසළොස්වක පොහොය දා රාත්‍රී සාදයක් පැවැත් වූ මහියංගන පොලිසියේ නිලධාරීන් කර තිබෙන්නේ ද ඇඳිරි නීතිය කඩ කිරීමකි.

පොලිස් දෙපාර්තමේන්තුවේ ආයතන සංග්‍රහයේ සඳහන් වගන්තිවලට යටත්ව එම නිලධාරීන්ට එරෙහිව යම් ක්‍රියා මාර්ගයක් ගන්නේනම් ඒ අයුරින්ම ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව යටතේ ද දඬුවම් පැමිණ විය යුතුය.

බණ්ඩාරගම, වල්ගම සුසාන භුමිය අසල දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි රා ප්‍රවාහනය කරමින් තිබූ බවත් එම රියේ සිටි මත්තොගොඩ පොලිසියේ සැරයන්වරයකු පොලිසියෙන් මිදී පැන ගිය බවත් අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියක සඳහන් විය. පොලිසිය යනු ඉතා කීර්තිමත් ආයතනයකි. එම කීර්තිමත් ආයතනයට අපකීර්තියක් රැගෙන ඒමට කිසිවකුට ඉඩ දිය යුතු නැත.



අදහස් (10)

කිරි කළයට ගොම මුසුකරන්නෝ

karu Thursday, 16 April 2020 10:29 AM

දැන් නීතියක් තියෙනවා දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට යන්න තහනම් කියලා. එහෙම තියෙනකොට අගමැති මහින්ද රාජපක්ෂ කොහොමද ඊයේ බෙලිඅත්තේ අභිනවාරාම විහාරස්ථානයට ගියේ හිසතෙල් ගාගන්න තමන්ගේ පවුලම අරගෙන... මෙන්න මේවට තමයි කියන්නේ කිරි කාලයට ගොම දමනවා කියලා. ලැජ්ජයි.....කියන්නත් ලැජ්ජයි අපිට ඉන්නේ මේවගේ බාල ගති තියෙන මෝඩ දේශපාලුවන් කියලා. එතකොට මෙයාට නීති බලපාන්නේ නැතිද...?

:       2       391

surangaThursday, 16 April 2020 12:18 PM

කෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශක...?

:       0       15

ravinMonday, 20 April 2020 10:08 AM

නිරුපමා බලන්න ගිහින් වෙන්නැති ....

:       0       0

sunil pereraSaturday, 18 April 2020 07:23 PM

අයියෝ හොරාගේ අම්මගෙන්... අහන්න එපා...!!

:       0       0

පරිසරවේදියෙක් Sunday, 19 April 2020 02:01 AM

කොරෝනා මාරාන්තික වයිරසයේ සැහැසි ග්‍රහණයෙන් මේ රට මුදා ගැනීමේ අනාවරත මෙහෙයුමේ අතිශයින්ම කීර්තිමත් කාර්යභාරයක් පොලිස් නිලධාරීහු මේ දිනවල ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම දිනපතා අත්අඩංගුවට ගන්නාවූ මත්පැන් බැරල් ඇලදොළ ගංඟාවලට මුදා හරින්නේ එම ඇල දොළවල ජිවත්වන ජලජ ශාක සහ ජල ජිවින් පිළිබද කිසිදු තැකීමක් නොකරද ? නොඑසේනම් ඒ පිලිබදව අවබෝදයක් හෝ දැනුමක් නොමැති කමින්ද ?

:       0       1

raviSunday, 19 April 2020 03:12 PM

පොලිසියේ කොහෙද මහත්තයෝ මොලය තියෙන කට්ටිය...? 8 පාස්, තඩි බඩක් ඇති උස මිනිස්සු තමයි පොලිසියට ගන්නේ...

:       0       34

ලක්ශාන්Sunday, 19 April 2020 12:38 PM

ඕවට ඉතින් අපි කොච්චර නැටුවත් නැඩක් නෑ.... අපි මේ ඉන්නේ 2005-2015 අතර කාලයේ වගේම තව කාලයක කියල හිත හදන්, අපි අපි පරිස්සම් වෙලා ඉන්න එකයි... නීතිය කියන එක නමට විතරක් තියන රටකනෙ අපි ඉන්නේ...

:       0       35

anula Thursday, 16 April 2020 10:48 AM

මුහුණු ආවරණ නැති පුද්ගලයන්ට සුළු දඬුවම් දීපු නිලධාරින්ට දඬුවම් දුන්නා නම් ඇයි මොවුන්ට නැත්තේ? මොවුන්ව රාජකාරියෙන් නෙරපා හරින්න ඕන...

:       1       30

ramani - kuliyapitiyaThursday, 16 April 2020 12:20 PM

ඔව් ඔව් ළඟ එන ඡන්දෙදි මේගොල්ලන්ට ආයේ නොඑන්නම නෙරපා හරිනවා...

:       1       56

සෑම් Thursday, 16 April 2020 11:16 AM

ඕක මොකක්ද, කිරි කළයට අසූචි දමල පෙන්නන්නේ... මුළු රටටම ඇඳිරි නීතිය දාලා අවුරුද්දටවත් ගෙවල්වලින් එලියට බහින්න එපා කියල දැඩි නීති දමල තියෙද්දී සිය පවුල සමග පන්සල් ගිහිල්ල ඔලුවේ තෙල් ගානවා. මීට වඩා අසුචි තව කොහෙද?.

:       1       427

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 78 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 251 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site