(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ සිරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අපරාධ කල්ලි නායකයකු වන කිඹුලා ඇලේ ගුණා නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙක් වන "හෝමාගම පොඩි සම්පත්" නැමැත්තා රුපියල් ලක්ෂ 5කට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමග මාකන්දන කැකුළුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 650 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
පොඩි සම්පත් නැමැති අපරාධ කල්ලි සාමාජිකයා හෝමාගම ප්‍රදේශයෙන් වසන්වී කැස්බෑව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන හොරෙයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබයරත්න මහතාට ලැබුණු තොරතුක් මත දින ගණනක් තිස්සේ සිදු කළ විමර්ශනය කර ඇත.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ විමර්ශනයේදී ඔහු මත්කුඩු ජාවාරම සිදුකරන බවට සැක හැර දැනගත් පොලිස් නිලධාරීන් පොඩි සම්පත් නැමැත්තා නිවසට පැමිණෙන අවස්ථාවේදී මඟ රැක සිට අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී මෙම මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෙක් මාට්ටු