
ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂක සෙනට් සභික කමලා හැරිස් මහත්මියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරිය වශයෙන් ශ්‍රී ලාංකික සම්භවයෙන් යුතු රෝහිණී ලක්ෂ්මි රවින්ද්‍රන් කොසොග්ලු මහත්මිය කටයුතු කරන බව ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කරයි.
ලබන නොවැම්බර් 3 වැනිදා ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.
ඉකුත් 11 වැනිදා ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා, තම උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස නම් කළ කමලා හැරිස් මහත්මියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රෝහිණී පත්වී ඇත්තේ 2018 වසරේදීය. එම පත්කිරීමත් සමඟ, ඇමෙරිකානු සෙනට් සභිකයෙකු වෙනුවෙන් සේවය කරන, සිව්වැනි දකුණු ආසියානු කාන්තාව බවට පත්වූයේ රෝහීණී කොසොග්ලු මහත්මියයි.
රෝහිණී කොසොග්ලුගේ දෙමව්පියන් වන්නේ වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවින්ද්‍රන් සහ ශෝභනා රවින්ද්‍රන්ය. ඔවුහු 1980 දශකයේ මුල් භාගයේදී යාපනයේ සිට ඇමෙරිකා එක්සත් ජනාපදයට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයෝ වෙති.
රෝහිණීගේ පියා වූ වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවින්ද්‍රන් මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපන ලැබූවෙකු වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධියද ලබා ගත් අයෙක් ද වේ. වෛද්‍ය රවින්ද්‍රන් මහතා වසර 46 ක් තිස්සේ ඇමෙරිකාවේ නිව්ජර්සිහි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කළ අයෙකි.
එම යුවළට දාව නිව්ජර්සිහීදි උපත ලැබූ රෝහිණී කොසොග්ලු සියලු අධ්‍යාපන සුදුසුකම් සපුරා ගනු ලැබුවේද ඇමෙරිකාවෙනි. ඇය මිචිගන් විශ්වවිද්‍යාලයෙන් සහ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගනු ලැබුවාය. සිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතරතුර ඇය මිචිගන් සෙනෙට් සභික ඩෙබී ස්ටේබෙනෝ වෙනුවෙන් සේවය කළ කාලයේදී තැපැල් හා ලිපි කටයුතු බාර කළමනාකාරවරියක ලෙසින් දේශපාලන සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණය වූවාය.
ඇය තම උපාධිය සම්පූර්ණ කර ගැනීමෙන් පසුව ඇමෙරිකා සෙනෙට් සභික ස්ටේබෙනෝ මහතාගේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශිකාවක ලෙසද කටයුතු කළාය. පසුව ඇය කොලරාඩෝ සෙනෙට් සභික මයිකල් බෙනට් මහතාගේ ජ්‍යෙෂ්ඨ සත්කාර සේවා උපදේශක ලෙස ද සේවය කරමින්, ඔබාමා කෙයාර් නැමැති ඇමෙරිකා පුරවැසියන් සඳහා දැරිය හැකි මිලකට සෞඛ්‍ය සත්කාර ලබාදීමේ පනත සම්බන්ධයෙන්ද ඇය කටයුතු කළ තැනැත්තියක බවද ඒෂියන් ට්‍රිබියුන් වාර්තාවේ දැක්වේ.
කොලරාඩෝ සෙනෙට් සභික මයිකල් බෙනට්ගේ කාර්යාලයේ වසර 7 පුරා සේවය කළ ලාංකික සම්භවයකින් යුතු රෝහිණී කොසොග්ලු, සෙනෙට් සභිකයෙකු ලෙස 2018 වසරේදී අලුතින් තේරී පත් වූ කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර දක්වාම පැමිණියාය.
එවකට එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් හෙබ වූ එකම ඇමෙරිකා‐ආසියා කාන්තාව බවටද රෝහිණී පත් වූවාය. කෙසේ වෙතත් එවකට කමලා හැරිස් මහත්මියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රෝහිණී පත් කරනා විට සෙසු ඩිමොක්‍රටික් පක්ෂ සඟයින් විසින් ඇයගේ පත්වීම ගැන නොසතුටු වී ඇත්තේ ඇමරිකා ජාතික කාන්තාවන් රැසක් එම අවස්ථාවේදී පක්ෂයේ සිටීම හේතුවෙනි.
කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස පත් කිරීමත් සමඟ ට්විටර් පණිවිඩයක් නිකුත් කළ රෝහිණි කොසොග්ලු මහත්මිය, “ මෙය ඓතිහාසික අවස්ථාවක්. එය බොහෝ දෙනෙකු සමඟ බෙදා ගැනීමට හැකිවීම ගැන ආඩම්බර වෙනවා. තව දින 84 යි ” යනුවෙන් සඳහන් කර තිබිණි.
රෝහණී මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂිකාව වූ කමලා හැරිස්ගේ ජයග්‍රහණ භූමිකාව වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කරන්නියක වන අතර ඇය කමලා හැරිස්ගේ ජයග්‍රහණය වෙනුවෙන් වියදම් කිරීමට නියමිත ඇමෙරිකා ඩොලර් මිලියන 40 ක මුදලක් කළමනාකරණය කිරීම, විවාද රැස්වීම පැවැත්වීම, ප්‍රතිපත්ති සැකසීම, සන්නිවේදනය ඇතුළු මෙහෙයුම් සිදුකිරීම මෙන්ම ඒ වෙනුවෙන් කැපවෙන 300කට අධික කාර්ය මණ්ඩල සාමාජිකයින් කළමනාකරණය කිරීම රෝහිණීගේ කාර්ය භාර්යය වේ.
යම් හෙයකින් එළැඹෙන නොවැම්බරයේදී ජෝ බයිඩන් මහතා , ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුවහොත් එරට ප්‍රථම ආසියානු ‐ඇමෙරිකානු සම්භවයක් ඇති කාන්තාවක ලෙස කමලා හැරිස් මහත්මිය උප ජනාධිපති ධූරයට පත්වන අතර, ශ්‍රී ලාංකික සම්භවයෙන් යුතු කාන්තාවකට ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කිරීමටද අවස්ථාව ලැබෙනු ඇත.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දෙමළ සම්භවයක් ඇති ඇමෙරිකාවේ ලබා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී වූ රෝහිණීට ජයවේවා..!!!
මෙහෙ හිටියා නම් බෝර්ඩ් ලෑල්ලක් උස්සන් මහපාරේ... අනේ වාසනාවන්..!!!
කමලලා, රෝහිනීලා බලයට පත්වුණොත් කොටි හිතවාදීන්ට ඇමෙරිකාවේ පිළිගැනීමක් ලැබෙන්න පුළුවන්. ඒක අපේ රටේ අනාගතයට සුබ නැහැ. දන්න යකා නොදන්න යකාට වැඩිය හොඳයි.
හාපෝ, කොටි ඇවිත්...
ඔවුන්ගේ රජය පත්වුණොත් කමලා ශ්‍රී ලංකාව දෙස මොන කෝණයකින් බලයිද කියලා දැන්ම කියන්න අපහසුයි. එතුමිය ශ්‍රී ලංකා රජයට පක්ෂවද, එරෙහිවද කටයුතු කරන්නේ කියලා සියල්ලෝම විමසිල්ලෙන් සිටිය යුතුයි. කොටි ඩයස්පෝරාවේ බලපෑම් අපිට තාමත් තියෙන නිසා..
හොඳයි, නමුත් දැන් කමලා හැරිස්ගේ සටනට මූල්‍ය ආධාර ගලාඑන්නේ කොටි අරමුදලෙන්ද කියලා හිතන්න වෙනවා. කොහොමටත් ඔබාමාගේ සමයේ සිටම කමලා හැරිස්ගේ පක්ෂය කොටින්ගෙන් වුවමනාවටයි වැඩේ කළේ...
එහෙම දෙමළ සම්භවයක් ඇති කෙනෙක් ඔතෙන්ට පත් වුනොත් කොටින්ට කකුල් හතරට අමතරව අත් තටුත් එයි.
මේ තැනැත්තිය කෙසේවෙතත්, ඇයගේ පියා අද ඇමෙරිකාවේ වෙද්‍යවරයෙක් ලෙස සේවය කරමින් තම පවුල නඩත්තු කරන්නේ, ඔහු ලංකාවේදී මහජන බදු මුදලින් නඩත්තුවන විශ්ව විද්‍යාලයකින් "නොමිලේ" ලබා ගත් වෙද්‍ය උපාධියෙනි. එබැවින් මොවුන් අද සිටින තත්වයට ලංකාවට කෘතවේදී වනු ඇතැයි සිතමි..
නිව් ජර්සි වල ඉපදුනු රෝහිණිගේ දෙමව්පියන් ශ්‍රී ලාංකිකයන්. ඇයට මගේ සුබ පැතුම්! වෙබ්මෙඩ් එකේ තියෙනවා ඇගේ පියා 1974 අවුරුද්දේ කොළොඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් උපාධිය ගත්ත කියලා. ඇයට අවුරුදු 3 සහ 5 වයසේ දරුවන් දෙන්නෙක් ඉන්නවා. රාමන් රවින්ද්‍රන් කියල සහෝදරයෙකුත් ඉන්නවා. 2018 දෙසැම්බර් 28 ඉන්ඩියා අබ්‍රෝඩ් එකේ කියල තියෙනව දෙසැම්බර් 10 ඇය කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට පත්වීම ගැන.
හැම එකටම ජාතිවාදය පටලගන්න එපා. අපේ කෙනෙක් මෙවැනි තැනකට ගිය එකට සතුටු වෙන්න. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ එක්තරා පක්ෂයකත් නායිකාව වෙලා ඉන්නේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ කාන්තාවක්. බයවෙන්ඩ එපා අපේ ජනාධීපතිතුමාත් ඇමරිකන්නේ...
83 ජුලි කලබල සමයේ යුරෝපයට අමෙරිකාවට ගිය ලක්ෂ ගණනකි . කොළඹ සිටි ද්‍රවිඩයන් ඝාතනය කිරීමෙන් සිදුවූ වන්දියේ ප්‍රතිපලයි මේ. ඔවුන්ට දිව්‍ය ලෝකයේ දොරටුව සිංහලයා ඇර දුනි. මෙවැනි ජාති වාදී ප්‍රහාරයක් සිදු නොවුණි නම් අදටත් ඔවුන් මේ රටේ පුරවැසියන් . යුද්දය වසර 5 අවසන් කල හැකිව තිබුණි .
ලංකාවේ ඉදිරිය ගැන බයයි.. කොටින්ට හොඳ කලක් යයි මෙයාලා දිනුවොත්...
අපේ සිංහලයන්ට මුල අමකත වුවද අනික් අයට මුල අමතක නැත. ඔවුන් තම වර්ගයාව ඔසවා තබනු ඇත. ඒ නිසා මොවුන් නිජබිම සංකල්පයට පක්ෂපාතී වනු ඇත.
මම අනුමාන කරන්නේ මොවුන් 83 ජාතිවාදි කොලාහලවලින් පසු රටහැර ගිය පිරිසට අයත් බවයි. රොහිනි උපත ලබා අැත්තෙද අැමරිකාවේ..., මොවුන්ට ලංකාව සහ සිංහල ජාතිය ගැන වෛරයක් තිබීමට පුලුවන් අතර කොටියන්, වීරයන් ලෙස සිතනවා අැති. මෙම පත්වීම ලංකාවට අහිතකර සහ කොටි ඩයස්පෝරාවට හිතකර විමට ඉඩඅැති බව මගේ හැඟීමයි.
ශ්‍රී ලාංකික සහ ඉන්දියන්, ද්‍රවිඩ සම්භවයක් ඇති මොවුන් ඇමෙරිකාවේ තිබෙන ද්‍රවිඩ සම්භවයක් ඇති ඡන්ද ලබාගැනීම සඳහා අනිවාර්යයෙන්ම දෙමළ ඩයස් පෝරාවට හිතවත්ව කටයුතු කරනවා. යුරෝපයේ ජීවත් වන අපි බටහිර රටවල දේශපාලනය කරන ද්‍රවිඩයන්ගේ හැසිරීම ගැන අවබෝධයක් තිබෙනවා.
මේකේ සමහර අදහස් දැක්කාම කළකිරෙනවා. රෝහිනී අපේ රටට ආඩම්බරයක්.. මොකද අනික් අය වගේ ඇමෙරිකන් පුරවැසියන් වෙලා අපේ රට කොල්ලකන්නේ නැහැ. අන්න ඒ අයටයි ගහලා එළවන්න ඕනෑ.