
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ වැඩිම වාහන තදබදය පවතින ස්ථානය ලෙස හඳුනාගෙන ඇති කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ ඇති උත්තරානන්ද මාවතේ මීටර 420ක දිගින් හා විනිසුරු අක්බාර් මාවතේ මීටර 350ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමට අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය.
මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 6ක් බවද ඇමතිවරයා කීවේය.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරැල්ලට එකක් හරි දාගන්න තිබ්බා නං..
හොඳ අදහසක්. මෙය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පවරන්න.
හොඳ කොමිස් කුට්ටියක් ගහගනියි..
ගුවන් පාලම් හැදුවාට වැඩක් නැහැ. ඊට ආසන්නයෙන් මගී හුවමාරු වන සුදු ඉරි තිබීම... හොඳම උදාහරණය නුගේගොඩ ගුවන් පාලමයි. මෙම මගී හුවමාරුව ගුවන් පාලම යටින් තිබුණා නම් තදබදය අවම කර ගැනීමට හැකිය. මෙය පහසුවෙන් කළ හැකි දෙයකි...
ඉදිරි අවුරුදු 5 තුළ කොළඹ අඩුම වශයෙන් ගුවන් පාලම් 10ක්වත් ඉදි නොකළොත් කොළඹ විශාල වාහන තදබදයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා.
එයාලා හරි දක්ෂයි පාලම් හදන්න. අපි ඉන්නවනේ ණය ගෙවන්න.
පාලම් නැතිකොට කෑ ගහනවා පාලම් ඕනෑ කියලා. හදන්න යනකොට කෑ ගහනවා ණය ගෙවන්න ඕනෑ කියලා...
කවුරුවත් නෑනේ.., කැළණි කැම්පස් එක ළඟ ඉඳලා කිරිබත්ගොඩ පහුවෙනකම් පාලමක් දාන්න.