
(මැදගම රම්‍යලතා පද්මකුමාරි සහ ලුණුගල ප්‍රසන්න පද්මසිරි)
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් කළ ගවේෂණයකදී කුමන වනාන්තරයේ පිහිටි ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ‘‘බුදු පටුන්ගල’’ නමැති ස්ථානය සොයාගෙන තිබේ.
මොනරාගල දිස්ත්‍රික්කයට අයත් කුමන රක්‍ෂිත වනාන්තරයේ පිහිටි එම ස්ථානයේදී විශාල ගල්පර්වතයක නෙළා ඇති සිටි ඉරියව්වෙන් වැඩ සිටින ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් සහ ඊට දෙපසින් පිහිටි අවලෝකිතේෂ්වර සහ මෛත්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමා සොයාගෙන තිබේ.
ඇතිමලේ ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 15 ක් පමණ දුරකින් කුමන රක්‍ෂිත වනාන්තරය මැද බුදුපටුන්ගල නමැති ස්ථානය පිහිටා ඇති අතර එම ප්‍රතිමාවන් ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසට හෝ අටවන සියවසට අයත්වන බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.
බුදුපටුන්ගල නමැති ස්ථානයේ ඇති මෙම ප්‍රතිමා රුහුණ ප්‍රදේශයට ආවේණික සම්ප්‍රදායක් පෙන්නුම් කරන බවද ඔහු කීය.
අඩි හයක හතක පමණ ප්‍රමාණයකින් යුත් මෙම ප්‍රතිමා දෙකක කොටස් කීපයක් කැඩී ගොස් ඇති බවද මහාචාර්යවරයා කීය.
ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම ස්ථානය මුල්වරට දැක සිදුකරන ලද දැනුම්දීමකින් පසු රුහුණේ ඉතිහාසය පිළිබඳ නව අයුරකින් සොයා බැලීමේ අරමුණින් මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායම මොනරාගල දිස්ත්‍රික්කය පුරා පුළුල් පරිමාණයේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදුකරමින් තිබේ.


(ඡායාරූප - බිබිල විශේෂ කේෂර ගුණතිලක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම වැදගත් සහ ගොඩක් ලොකු රාජකාරියක්... ඔබ මතු පරම්පරාවට අපගේ ඉතිහාසය දායක කොට ඇත.
අපේ හාමුදුරුවරු මේ සිද්ධස්ථාන අතහැර ගියේ මන්ද කියා සොයාබැලිය යුතුයි. මේ ප්‍රදේශවලට විදේශ බලපෑම් තිබුණේ නැහැ...
මේ පිළිමවල හිස ප්‍රදේශය කඩා ඇති බවක් පෙනෙනවා. මෙය බොහෝවිට පුරාවිද්‍යා වස්තු සොරකම් කරන්නන්ගේ වැඩක් විය හැකිය.
බුදුපටුන්ගල රාජසෝමදේව සොයාගත්ත තැනක් නෙමෙයි. මේ තැන ගැන පළ වූ විවිධ පුවත්පත් ලිපි තියෙනවා. මේක පිහිටලා තියෙන තැන නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක ගැන හරිහැටි කැණීම්කරලා සොයලා බලලා නෑ. ඉතින් මේක ගැන නිසි අධ්‍යයනයක් කෙරෙන එක වැදගත්. හැබැයි මේ වගේ බොරු කිව්වාම ඒ ගැනත් මිනිස්සුන්ගේ විශ්වාසය බිඳෙනවා...
මේ ස්ථානය ප්‍රදේශවාසීන් විසින් මුල් වරට දුටුවානම්, එය රාජ් සෝමදේවයන්ගේ සොයා ගැනීමක් වන්නේ කෙසේද?
බෙකර්, වුල්ෆ්ලාට කළින් අපේ මිනිස්සු ස්ථාන හඳුනාගෙන තිබ්බා...
සජිත්ගෙන් ඇහුවා නම් යමක් දැනගන්න පුළුවන්...
කපිල ඇයි සජිත්ගෙන් විතරක් අහන්නේ...? නාමල්ගෙනුත් පොඩ්ඩක් අහලා බලන්න. මොකද අපි නම් මේ දෙන්නා ගැනම හොඳට දන්නවා.
ජයරත්න පතිරආරච්චි මහතා 1998දී මේවා සෙල්ලිපියේ පිටපතක් සමගම එළිකළා. පුරාවිද්‍යා එවුන් නිදි...