(ශාන්ත චන්ද්‍රසිරි)
ලංකා කම්කරු කොංග්‍රසය මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නුවරඑළිය, බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කයන් මුල්කර ගනිමින් එළඹෙන 26 දින ආරම්භ කිරීමට සැළැසුම් කර ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතා මිය ගොස් මසක් ගතවෙන 26 දින ලංකා කම්කරු කොංග්‍රසයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු පුර්ණ වශයෙන් මෙසේ සිදු කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.
ලංකා කම්කරු කොංග්‍රසයේ ශක්තිය මෙවර මහ මැතිවරණයේ දි රටට පෙන්නුම් කරනු ලබන බවත්, නුවරඑළිය, බදුල්ල හා මහනුවර යන දිස්ත්‍රික්කයන්ගේ වතු කම්කරුවන් මේ වනවිටත් ලංකා කම්කරු කොංග්‍රසයේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා ඒකරාශීව සිටින බවද ඒ මහතා පැවැසීය.
ලංකා කම්කරු කොංග්‍රසය විසින් ඉදිරි පස් වසර ඇතුළතදී මහනුවර දිස්ත්‍රික්කය තුළ විශාල වෙනසක් සිදු කිරීමට පියවර ගන්නා බවද ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා මෙහෙදී වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd