
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය වසරේ වැඩකටයුතු සමාලෝචනය කිරීමෙන් පසු සංවර්ධන කටයුතු වේගවත් කිරීමට ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කළ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය.
විපක්ෂය පවසන පරිදි ආණ්ඩුව අභ්‍යන්තරයේ කිසිදු ගැටලුවක් නැත් බවත් ඉදිරි අයවැය ඉලක්ක කරගෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය කළ බවත් ජයසිංහ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇනූ හැටි නෙමෙයි. ඇනුන හැටි කියන්න
කොච්චර ඇනුවත් කුට්ටමේ ඉන්නේ බුරුවෝ සහ joker’s only
වේගවත් කරන්න හරි මන්දගාමී කරන්න හරි ඔබතුමන්ලා කරන්න පටන් ගත්ත වැඩක් තියෙන්න එපැයි. මීට කලිනුත් විවෘත කළ ගොඩනැගිලි නැවත විවෘත කිරීම, වැව්වල ජපන් ජබර ගැලවීම, ජාත්‍යන්තරය ඉදිරියේ රට හෑල්ලු කිරීම, දේශපාලන විරුද්ධවාදීන් ගෙන් පලිගැනීම, නොදන්නා ඉංගිරිසියට ගොස් වරිගෙ නසා ගැනීම, ළමා අයිතිවාසිකම් බෝඩ් එකට මුවා වී ගුරු-ගෝල, මවුපිය-දූදරු සබඳතාවලට පහර ගැසීම, අනුන්ගේ පක්‍ෂ කාර්යාල බලෙන් අල්ලා ගැනීම, පිටකොටුව බස් නැවතුමේ තීන්ත ගෑම වැනි සිල්ලර වැඩ ඇරෙන්න මහා පරිමාණ ව්‍යාපෘති කරන්න ඔබතුමන්ලාට දැනුමක් නෑ. මහවැලිය, ගම්උදාව වැනි යෝධ ව්‍යාපෘති, දැයට කිරුළ වැනි ප්‍රාදේශීය වශයෙන් යටිතල පහසුකම් නංවන වැඩපිළිවෙළ, මහපොල වැනි වැඩ සටහන්, ගල්ඔය ව්‍යාපාරය වැනි ගොවි ජනපද යෝජනා ක්‍රම ගැන තමුන්නැහැලාට මෙලෝ දැනුමක් නෑ. යුද්ධයක් කරන්න, කොරෝනා වැනි වසංගතයකට මුහුණ දෙන්න තිබුණොත්! හපොයි ශ්‍රී ලංකා මාතා! මෙවන් නොමේරූ, නමුත් ඉරිසියාව, වෛරයෙන් කැකෑරෙන පිරිසක් බලයට පත් කරන්න ඔබේ දරුවන් කටයුත කළ හැටි! ඔයත් පව් රටත් පව් අපිත් පව්!
කැබිනට් එක අනුවම ඔයාලට පාං ද ?
දැන් අපි අහන්නෙත් නැතුව කීප දෙනෙක්ම ඔය අනපු හේතු කියනවා. සංවර්ධන වේගය වැඩිකරන්නලු. ඒ කියන්නේ කවුරු හරි මන්දගාමී කෝච්චියක් ඕකේ ඉන්නවනේ. කවුද ඒ. අනික ඔය කියවිල්ලෙන් මේ රජය තව අනාගන්නවා විතරයි. අපිට වරාය ගැන අමතක වේගන යනකොට මෙයාලා මතක් කරලා දෙන්නේ මෙයාලටත් ඒක ගැන අදින්න ඕන වෙලා වගේ. හරි එහෙනම් කියන්නකෝ ඇයි වරාය බිමල්ගෙන් අයින් කරේ. එයාගේ වේගය මදිද කියලා.