IMG-LOGO

කාබනික පොහොර නිපදවන උපාධිධාරිනිය

 

(විශ්ව ගැමුණු ප‍්‍රියංකර)

මෙරට වගාවට සරිලන දියර කාබනික පොහෙර නිෂ්පාදනය කරන උපාධි ධාරිනියක කළුතර වලල්ලාවට කටුදොර ගුලනහේන ගම්මානයෙන් අප හමුවිය. ඇය නමින් හර්ෂණී වික‍්‍රමසිංහයි.

හොරණ ශ‍්‍රීපාලි විද්‍යාලයේ ආදි සිසුවියක වන ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය කලා උපාධිධාරිණියකි.

කොවිඞ් වසංගත සමයේ ඇය  සිදු කළ අත් හදා බැලීම් අසුරෙන් මෙම නිශ්පාදන සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති අතර මේ වන විට තේ, වී වගාවට ඇතුළු මල්,පලතුරු, එළවළු, වගාවන් සඳහාද මෙම දියර පොහොර නිෂ්පාදනය කරයි.

දිවයින පුරා ඇති කාබනික කෘෂි උපදේශන මධ්‍යස්ථානයෙන්  ලබා ගත් උපදෙස් අනුව  දියර පොහොර නිෂ්පාදනය කර ඇත. මේ වන විට ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ පරිසර අධිකාරිය මගින් ඇයට සුවිශේෂී තත්ව අනුමැතියක් ලබා දී තිබේ.

සිිත් ගන්නා සුළු ඇසුරුම් මගින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති මෙම දියර පොහොර කිසිදු දුර්ගන්ධයකින් තොර වීම සහ වස විෂ රහිත වීම තවත් සුවිශේෂීත්වයකි.



අදහස් (4)

කාබනික පොහොර නිපදවන උපාධිධාරිනිය

කිරි පුතා Tuesday, 18 January 2022 04:24 PM

උපාධි අරගෙන එක එක දේශපාලන මත ඔළුවෙ දරාගෙන රස්සාවක් දියව් ! කිය කියා නිකම් කාලෙ නිස්ති කරන උගත් හිස් මිනිසුන් ට හොඳ ආදර්ශයක්

:       0       2

duminda Tuesday, 18 January 2022 04:27 PM

මේ වගේ අයව දිරිමත් කරන්න නම්, නිෂ්පාදන හැකියාව තක්සේරු කරලා, නිෂ්චිත ප්‍රෙද්ශයක් තෝරගෙන මේ පොහොර ව්‍යාප්ත කරන්න ඕනේ... නැතිනම් වෙන්නේ ඉල්ලුම වැඩි වෙලා නිෂ්පාදනය බාලවෙලා... ඔය වැඩේ ඔතනම ලොප්වෙන එක...

:       0       1

sharm warn Tuesday, 18 January 2022 05:15 PM

ඔබේ සොයාගැනීම ට අපේ උණුසුම සුභ පැතුම්

:       0       2

B. R. S. Cooray Wednesday, 19 January 2022 06:51 PM

මටත් ඔයාගේ දියර පොහොර ඕනේ... මම ගොවිජන සේවා, උඩයාල වැඩ කරන්නේ... මට 2022 යලට දෙන්න පුළුවන්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site