(සමන් පාලිත නානායක්කාර)
ඌවපරණගම අඹගස්දෝව ප්‍රදේශයේ දී ඊයේ 12 රාත්‍රී කැබ් රථයක් පාරෙන් ඉවතට පැන අඩි 22 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඌවපරණගම පොලීසිය කියයි.
අඹගස්දෝව සිට ගලහගම දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම කැබ් රථය පාරෙන් ඉවතට පැන පෙරළී අනතුර සිදුවී තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ගලහගම පදිංචිව සිටි ආර් ඩී මධුශංක සහ ඩී එම් ක්‍රිශාන්ත සනත් යන දෙදෙනාය.
මෙම කැබ් රථය පැදවූ රියදුරු තුවාල ලබා ඌවපරණගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබේ.
ඌවපරණගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd